ගංගා අසමාන බිම් හෝ කඳු හරහා ගලා යන විට දිය ඇලි සාදයි. සමහර ව්ට එකම ගඟේ අතුගංඟා දෙකක් එකිනෙකට සමීපව ද්විත්ව දිය ඇලි සෑදිය හැකිය. මෙම Y හැඩය ඇති දිය ඇලි සැදිමෙන් පසුව අතු ගංඟා ඒකාබද්ධ වී ගලා යයි.
මෙම
අද්වීතිය භුගොලිය පිහිටිම නුවරඑළිය, පුස්සැල්ලාව ප්‍රදේශයේ දී
දැකිය හැකිය. එය රම්බොඩ ඇල්ල
ලෙස හදුන්වයි.
මෙය
නිර්මාණය වන්නේ කොත්මලේ ඔයේ අතුගංගාවක් වන රම්බොඩ ඔයෙනි.
කෙසේ
වෙතත් රම්බොඩ ඔය කොත්මලේ ඔයට
එකතු වෙන්න කලින් දිය ඇලි තුනක් නිර්මාණය කරනවා.
1.
ඉහල රම්බොඩ ඇල්ල (Y හැඩති)
2.මැද
රම්බොඩ ඇල්ල
3.පහළ
රම්බොඩ ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇති රම්බොඩ ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි අතර 11 වන උසම දිය ඇල්ලයි. එය ලෝකයේ උසම දිය ඇලි අතර 729 වන ස්ථානය හිමිකර ගනී. උසින් මීටර 109ක් වන මෙම දිය ඇල්ල නිර්මාණය වන්නේ කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්නා ඔයෙනි. ඔබ A5 මාර්ගයේ පේරාදෙණිය සිට නුවරඑළිය දක්වා ගොස් ඇත්නම් රම්බොඩ උමග පසු කරනවාත් සමග ඇති මේ දිය ඇල්ල දැක ඇති.
රම්බොඩ
ඇල්ල කොටස් තුනකින් කඩා හැලෙන අතර ඒවා ඉහළ කොටස, පහළ කොටස හා මධ්‍යම
කොටස ලෙස නම් කල හැකිය. ඇල්ලේ
ඉහළ කොටස නැරඹීමට නම්, රම්බොඩ නගරය පසුකරනවාත් සමගම ඇති පාලම අසල තිබෙන අඩිපාර ඔස්සේ ඉහලට මද දුරක් ගමන්
කළ යුතුවේ. එම මාර්ගය ඔස්සේ
ඇල්ලේ සුන්දරත්වය විව්ධාකාර කෝණවලින් නැරඹීමට හා ඡායාරූප ගත
කිරිමට හැකිය. මෙහිදී ඇල්ල ඉහලට යාමට ටිකට් පතක් ගැනීමට සිදුවන බවද මතක තබා ගන්න.
මෙම දිය ඇල්ලේ පහළ කොටසට යාමටනම් ඔබ රම්බොඩ-උමග අසලින් පහලට තිබෙන මාර්ගයේ ගමන් කල යුතුය. මෙහිදී Ramboda Falls පාලන අධිකාරියේ අවසරය ගැනීමට සිදුවන බවද සිහියේ තබා ගන්න. මේ අසලම තවත් දිය ඇලි කීපයක්ම ඇති අතර, ඒවායින් පූනා ඇල්ල කැපී පෙනෙයි.
එසේනම්
පේරාදෙණිය – නුවරඑළිය මාර්ගයේ ගමන් කරන ඔබ මදක් නැවතී
මේ සුන්දර ඇල්ලේ අසිරිය විදගෙනම් යාමට අමතක නොකරන්න.
.......................................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]



Nice 💝💖
ReplyDeleteExcellent 💜️😚
ReplyDeletegood 😍
ReplyDeleteSupper
ReplyDelete❤️🤗
ReplyDelete