Friday, September 30, 2022

බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරය

 

 


දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම ලෝ වාසී බෞද්ධ ජනයාගේ ගෞරව දිනා ගත් නගරයක් ලෙස මහනුවර නගරය හැදින්විය හැක. මහනුවර නගරයේ සංචාරයේ යෙදෙන බොහොමයක් පිරිස ශ්රී දළදා මාලිගය, නුවර වැව රවුම සහ පේරාදෙණිය උද්භිද උද්යානයට පමණක් සංචාරයේ යෙදෙන අතර නුවර නගරයේ පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන ඔවුනට මග හැරේ.

එලෙස ඔවුනට මග හැරෙන එක් ස්ථානයක් ලෙස බහිරව කන්ද විහාරය හැදින්විය හැක. බහිරව කන්ද විහාරය මහනුවර නගරයේ සිට 2km දුරින් මෙන්ම, අඩි 650ක් උසින් පිහිටා ඇත. මහනුවර නගරයට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට නගරයට ඉහලින් පිහිටා ඇති බහිරව කන්ද පන්සලේ බුදු පිළිමය දැක ගැනීමේ හැකියාව හිමි වේ. 1973 වසරේදී අම්පිටියෙ ධර්මාරාම හිමියන් විසින් මෙම පන්සලේ හා විශාල බුදු පිළිමයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙහි වැඩ නිම වී මහජනයාට විවෘත ස්ථානයක් බවට පත් වූයේ 1993 ජනවාරි මාසයේදීය.

බහිරවකන්ද ශ්රී මහා බෝධි විහාරය මහනුවර නගරයට නුදුරින් පිහිටි සුන්දර කඳුකර ප්රදේශයකි. උන්වහන්සේ විසින් සංවිධානය කරන ලද ජනතා නොමසුරු දායකත්වයෙන් ඉදිකරන ලද යෝධ බුද්ධ ප්රතිමාව බොහෝ සංචාරකයින්ගේ සිත් ඇදගනී. අම්පිටියේ දම්මාරාම හිමියන්ගේ ආරාමය ආරම්භ කෙරුණේ 1972 දී .

ප්රතිමාව විවෘත කිරීමෙන් පසු වැඩි වැඩියෙන් මිනිසුන් පන්සලට යාමට පටන් ගත්හ. එහි ප්රතිඵලයක් ලෙස මෙම විශ්මය ජනක සුදු බුදු පිළිමය මහනුවර නගරය පුරාම දැක ගත හැකිය.

මෙම කන්ද හා බැදුනු බැඳුණු විශ්වාස හා ජනශ්රැති බොහොමයක් පවතින අතර එම විශ්වාස හා ජනශ්රැති නිසාම මෙම කන්දට බහිරව කන්ද යන නාමය ලැබී ඇත.

සෙංකඩගල නැතිනම් මහනුවර කියන්නේ දළදා මාලිගාව හා පුරා විද්යාත්මක ස්ථාන දෙස් විදෙස් කාගේත් අවධානයට ලක් වූ නගරයක්. සඳහා හේතු වුණු එක් ස්ථානයක් විදියට බහිරව කන්ද හඳුන්වන්න පුළුවන්. පිහිටීම ගැන කතා කරනවානම් දළදා මාලිගාවේ සිට කිලෝ මීටර් 2 ක් පමණ නුවර නගරයේ ඉහළට ගමන් කරද්දී මුණ ගැහෙනවා.

බහිරව කන්ද හා සම්බන්ධ සෑම කතා වස්තුවක්ම මහනුවර රාජධානිය දක්වා දිව යන බව දැක්වෙනවා. මහනුවර රාජ පරම්පරාවේ ආරම්භය සිදු වන්නේ පළමුවන විමලධර්මසුරිය රජතුමාගෙන්ය. මෙම රජතුමාගෙන් පසුවද රජවරු කිහිප දෙනෙක්ම මහනුවර රාජධානියේ රජකම් කළා. අනුව මේ රජවරුන්ගේ කාලයේදී බිලි පූජාව සංකල්පය ආරම්භ කිරීමට ඇතැයි සඳහන් වනවා. මේ ආකාරයට බිලි පුජාව තිබීමේ අරමුණු ලෙස සඳහන් වන්නේ විවධ වකවානු වලදී ඇති වූ දුර්භික්ෂ කෙරෙහි ඇති භිය, ජල ගැලීම්, සාගත ආදී දේවල්ගෙන් මිදී රටට ජනතාවට නිරෝගී භාවය ලබා ගැනීමයි. අතීතයේ සිටම තිබු තවත් එක් සම්ප්රදායක් වන්නේ රටේ කුමන හෝ ගැටළුවක් ඇති වන විට රාජ සභාව කැඳවා සම්බන්ධයෙන් කතා බස් කිරීමයි.

 

 


අනුව දුර්භික්ෂ ආදියෙන් මිදීමට කළ යුත්තේ කුමක්දැයි රාජ සභාවෙන් විමසීමේදී ප්රධාන පුරෝහිත තුමා ප්රකාශ කර ඇත්තේ මේ ආකාරයේ දුර්භික් ඇති වීමට හේතුව වන්නේ බහිරව නම් යක්ෂයා කෝප වීම හේතුවෙන් බවයි. එමෙන්ම තව දුරටත් ප්රකාශ කර ඇත්තේ පොළොව උසුලා සිටින්නේ ඔහු විසින් බවත් මෙවැනි පිඩා වලින් මිදීමට නම් බහිරව යක්ෂයා සන්තෝස කළ යුතු බවත්ය. සඳහා කල යුතු වන්නේ ඔහුට බිල්ලක් ලබා දීම බවත් දැක්වුවා. එසේ ලබා දිය යුතු බිල්ල ගැන විස්තර කර ඇත්තේ, රජ මාලිගාව පිහිටා තිබෙන ප්රදේශයේ සිටින සුන්දරම කුළුඳුල් කාන්තාව සොයා ගත යුතු බවයි. එමෙන්ම මෙසේ සොයා ගන්නා ලද සුන්දරම කාන්තාව උදෙසා කළ යුතු වත් පිළිවෙත් කිහිපයක්ද විස්තර කර තිබෙනවා. එනම් සතියක් දිවා රාත්රී කිරි සඳුන් යුක්ත පැණින් ස්නානය කරවා දින 7ක් ගත වූ විට එම කාන්තාව මරා දැමිය යුතු බවත් සඳහන් කළා.

මෙහිදී දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ මෙය සිදු කළ යුතු ආකාරය, පිළිවෙල කුමක්ද යන්නයි. අනුව සුන්දරම කාන්තාව බහිරව කන්දට බිලි දිය යුතු ආකාරයද ඔහු විසින් ප්රකාශ කරන්නට විය. දින 7ක් ගත වීමෙන් පසුව දළදා මාලිගාවට මුහුණලා තිබෙන කන්දට ඇයව රැගෙන යා යුතු බව දැක්විය. මෙසේ රැගෙන යා යුත්තේ පෙරහැරක් මගින් වන අතරම එසේ ගෙන යාමෙන් අනතුරුව එම ස්ථානයේ පුද පූජා පැවැත්විය යුතු වේ. ඉන් අනතුරුව එම කාන්තාව එම කඳු මුදුනේ තනිව දමා අනෙක් පිරිස ආපසු පැමිණිය යුතු වේ.

මේ අනුව ඉහත සඳහන් කළ ආකාරයට වර්ෂ ගණනාවක් පුද පුජා පවත්වාගෙන ගොස් තිබෙනවා. එක් වර්ෂයකදී මෙසේ තෝරා ගන්නා ලද කාන්තාව වුයේ වැලිකල මැණිකේ නම් කාන්තාවක බව සඳහන් වනවා. මැයව තෝරා ගැනීමට හේතුවද දැක්වෙනවා. එනම් ඇය ලුණුවිල නම් නිලමේ කෙනෙක් සමග පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ හේතුව නිසාම එම නිලමේ රජ මාලිගාවෙන් නෙරපීමක් කර තිබෙන බවද දැක්වෙනවා. අනුව පෙර සඳහන් කළ ආකාරයටම වතාවත් වලට අනුව පෙරහැරින් ගෙන ගොස් කැලයේ දී පුද පූජා පවත්වා ඇයව තනිකර දමා ගොස් තිබෙනවා. නමුත් ලුණුවිල නිලමේ ආයුධ වලින් සන්නද්ධව කැළයේ සැඟවී සිටියා.

එදින රාත්රී 12 පමණ යක්ෂයා පැමිණි බවත් ඔහු විසින් වැලිකල මැණිකේ වටා තෙවරක් ගොස්හූහඬවල් 3ක් කියන්නට වූ බවත් දැක්වෙනවා. මේත් සමගම සැඟවී සිටි ලුණුවිල නිලමේ යක්ෂයාගේ ඇඟට කඩා වැදුණු අතර යක්ෂයා මරා දමන්නට ඔහුට හැකිවුණා. රජ මාලිගාවට මෙම ආරංචිය දන්වා පැමිණ බැලූ පසු දකින්නට ලැබුණේ යක්ෂයා අනෙකෙකු නොවේ, ප්රධාන පුරෝහිත තුමා බවයි. මෙම සිදුවීමත් සමගම බිලි පූජා සංකල්පය නතර වූ අතර මේ ආකාරයට බිලි පූජා පැවැත්වීම රජු විසින් නවත්තන්නට සමත්  වුණා. කරුණු සලකා බැලීමේදී පැහැදිලි වූයේ කාලයක් සිටම පුරෝහිත මෙම ක්රියාව සිදු කළ බවයි. මේ හේතුවෙන් මෙම කන්දට බහිරව කන්ද යන නාමය ලැබී තිබෙන බව එක් මතවාදයක් වනවා.

තවත් ජනප්රවාදයක් එකළ කාන්තාව පෙරහැරින් යුතුව රැගෙන මාර්ගය අද වන විට කොළඹ විදිය යන නමින් හඳුන්වන බව දැක්වෙනවා. අනුව මේ සම්බන්ධව ඉදිරිපත් වන අනෙක් ජනප්රවාදය වන්නේ මෙම කොළඹ විදියේ මරණීය දණ්ඩනය නියම කරන ලද මිනීමරුවන් සොරුන් ආදීන් කටු බෙරය නම් බෙරයක් තුළට රිංගවා කඳු මුදුනේ සිට පහළට පෙරළන්නට කටයුතු කළ බව සඳහන් වනවා. අනුව මෙම බෙරය කටු සහිත කැළයක නතර වන හෙයින් කටු කැළය නමින් එම ප්රදේශය හැඳින්වෙන බව දැක්වෙනවා. නමුත් බහිරව කන්ද හා බැඳී ජනප්රවාද විවිධාකාරයෙන් වනවා.

මෙම ස්ථානයේ ඇති තවත් වැදගත් කමක් වන්නේ එකල මහනුවර රාජධානි සමයේ ආක්රමණිකයන් පැමිණි අතර, එකල ඔත්තු බැලීම සඳහා සිංහලයන් මෙම කන්ද යොදා ගනු ලැබූ බවත් දැක්වෙනවා. අනුව පණිවිඩ බලා රජ මාලිගාවට දැනුම් දුන් අතර, පණිවිඩ හුවමාරු මධ්යස්ථානයක් ලෙසද බහිරව කන්ද භාවිතා කර තිබෙනවා.

මේ ආකාරයෙන් සලකා බැලූ විට පෙනී යන්නේ අපි නොදැනුවත්,  බහිරව කන්දේ ඉතිහාසමය කරුණු රැසක් පවතින බවයි. සොබා සෞන්දර්ය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා බහිරව කන්ද ඉතා අනර්ඝ තෝතැන්නක් වන අතර එහි සිට බලන විට මහනුවර ශ්රී දළදා මාලිගය , මහනුවර නගරය මෙන්ම නගරය වටා වූ කඳු පන්ති ඉතාමත් පැහැදිලිව මෙම ස්ථානයේ සිට දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ.

                            .........................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

 

Tuesday, September 27, 2022

රිදියගම සෆාරි උද්යානය




නව සත්වෝද්යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කල හැකිවන පරිදි  ශ්රී ලංකාවේ පිහිටවූ පළමු සෆාරි උද්යානය හම්බන්තොට දිස්ත්රික්කයේ අම්බලන්තොටට ආසන්න රිදියගමදී 2016.03.28 දින මහජන ආශ්වාදනීය ප්රහර්ශය සඳහා විවෘත කරන ලදී.

අම්බලන්තොට නගරයේ සිට රිදියගම පාරේ කිලෝ මීටර් 17 ක් පමණ යාමෙන් හෝ ඇඹිලිපිටිය නෝනාගම පාරේ පදලංගල හන්දියෙන් හැරි සුරියවැව පාරේ ගොස්  විහාරගල හන්දියෙන් හැරී කිලෝ මීටර් 4 ක් පමණ යාමෙන් මේ උද්යානයට ලඟාවිය හැකිය.

මේ උද්යානය සඳහා අක්කර 500 පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවීමට යෝජිතය.  දැනට ඉන් අක්කර 200 පමණ ප්රමාණයක් සංවර්ධනය කොට තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල්  වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප තුනක වැඩ නිමකර ඇත. මේ සත්ව කලාප වන්නේ අක්කර 35 පමණ ප්රදේශයකවූ අප්රිකානු සිංහ කලාපය, අක්කර 80 පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය යන ඒවාය.  බෙංගාලි ව්යාග්රයන්, ඕස්ට්රේලියානු සතුන්, ශ්රී ලංකා දිවියන්, වලසුන් ආදීන්ට තවත් කලාප හතරක වැඩ නිමවෙමින් පවතී. අප්රිකානු සතුන්, චීටාවන්, උරගයින්, සමනලයන් ආදීන් සඳහා තවත් කලාප කීපයක් හා කුඩා සත්ව රජ දහනක්ද සත්ව ජනන හා සංරක්ෂණ කලාපයක්ද  නිම කිරීමට යෝජිතය.

ඊට අමතරව මහජන විනෝදාස්වාදය සඳහා පහසුකම් සලසන කොටසක් හා රාත්රී කාලයේද  සෆාරි යාමට සංචාරකයනට නවාතැන් ගැනීම සඳහා සංචාරක නිවාස හා කඳවුරු පද්ධතියක් ඉදි කිරීමට යෝජිතය.

දැනට මෙය සත්ව වර්ග 22 කට පමණ අයත් සතුන් 200 කගේ පමණ නිවහන වී ඇත. මේ උද්යානය නැරඹීමට වරකට නරඹන්නන් 20 දෙනෙකු පමණ ගෙනයන වායු සමනය කළ ආරක්ෂිත බස් රථ යොදවා තිබේ.  මිට අමතරව අවශ් නම් අතිරේක මුදලක් ගෙවීමෙන් හත් දෙනෙකුට පමණ ගමන් කල හැකි වාහනයක් ලබාගත හැකිය.

 

හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්යානයෙන් ඇසෙන මේ කතාව සත්ත්වලෝලීන්ගේ අමානන්දයට හේතු වනු නිසැකය. කොරෝනා හේතුවෙන් සෆාරි උද්යානය වසා තිබු මොහොතේ රුහුණු රිදියගම සෆාරි උද්යානයේ සිංහ කලාපයේ සිටිෂීනානැමැති සිංහ ධේනුව පසුගිය 17 හා 18 දෙදින තුළදී සිංහ පැටවුන් තිදෙනෙකු බිහිකිරිමය. නොවැම්බර් 17 වන දින සවස 4.30 පමණෂීනාපැටවුන් දෙදෙනෙකු බිහි කළ අතර 18 දින අලුයම් කාලයේදීද තවත් පැටවකු බිහිකර තිබේ. අප්රිකානු සිංහ ධේනුවක වන ෂිනා ලංකාවට පැමිණියේ මීට වසර හතකට පෙරාතුවය. 2013 වසරේදී ජර්මනියේ සිටය. ලංකාවට පැමිණෙන විට වයස අවුරුදු දෙකක් වුෂීනාටමේ වන විට වයස අවුරුදු නවයකි. මේ කාල පාරාසය තුළෂීනාබිහි කළ පැටවුන් ගණන 07කි. මෙවරෂීනාබිහිකළ පැටවුන් තිදෙනාගේ පියාෂූලා. චීනයේ සිට ලංකාවට රැගෙන ෂූලාෂීනාමෙන්ම අප්රිකානු සිංහයෙකි.

රිදියගම සෆාරි උද්යානය ආරම්භයටත් පෙර මෙහි සිටින සිංහයන් පිළිබඳව පළමුවෙන්ම කලාබහට ලක් වූයේ 2015 වසරේ අගබාගයේදීය. සෆාරි උද්යානයට මුදාහැරීම සඳහා සිංහයන් 08 දෙනෙකු රැගෙනවිත් රිදියගම සෆාරි උද්යානයේ කූඩු තුළ රඳවා තබා සිටි අතර, මින් වයස අවුරුදු පහක් වු දිගින් අඩි පහ හමාරක් තරම් වු එක් කේසර සිංහයකු 2015.12.04 දින එකවරම මිය ගියේය. එලෙස මිය ගියේ සත්වෝද්යාන සත්ව හුවමාරුව වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වන ලදබොලීනැමති කේසර සිංහයෙකි. එදායින් පසු නැවතත් රිදියගම උද්යානයේ සිංහයන් පිළිබදව කතා බහට ලක් වුයේ 2016 වසරේදීය. සෆාරි උද්යානයේ සිටි දකුණු කොරියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුසහරානැමති සිංහ ධේනුවට හා මහජන චීන සමුහ ආණ්ඩුවෙන් මෙරටට ලැබී තිබූසූලානැමති සිංහයාටත් දාව සිංහ පැටවුන් දෙදෙනකු උපත ලැබීමත් සමඟය.“සූලාගේප්රථම දරු උපත මෙය වු අතර එය 2016.07.12 වන දින රිදියගම සෆාරි උද්යානයේදී සිදු විය.

රිදියගම සෆාරි උද්යානයේ සිදුවෙන ප්රථම සිංහ පැටව් උපත හේතුවෙන් උද්යානයේ පශු වෛද්යවරු ඇතුළු පිරිස සිංහ ධේනුව පිළිබදව දැඩි අවධානයකින් පසුවිය. නමුත් මෙම සිංහ පැටවුන් දෙදෙනා ජීවත් කර ගැනීමට නොහැකි විය. සිංහ ධේනුව විසින් සිය පැටවුන්ට කිරි දීම ප්රතික්ෂේප කර අතහැර දැමීම හේතුවෙනි.  ඉන් පසු දෙවන සිංහ උපත රිදියගමදී සිදුවන්නේ 2017 වසරේදීය. ෂීනානැමති සිංහ ධේනුවට හාසූලානැමති සිංහයාට දාවය. එහිදීෂීනාපිරිමි පැටවුන් තිදෙනකු හා ගැහුණු පැටවුන් එක් අයකු ලෙස පැටවුන් සිව් දෙනකු බිහි කළාය. රිදියගම සෆාරි උද්යානයේ සිදු වු පළමු සිංහ උපතේදී සිංහ ධේනුව විසින් පැටවුන් අතහැර දැමීම් නිසා එම පැටවුන් දෙදෙනා ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.



ෂීනා“ “සහරාටවඩා බොහෝ සෙයින් වෙනස් වු සිංහ ධේනුවක් බවට පත් විය.“ෂීනාසිය දරුවන් ප්රතික්ෂේප නොකර කිරි දී ඔවුනට රැකවරණය ලබා දුන්නාය. අද වන විට එම පැටවුන්ගේ වයස අවුරුදු 03කි. මෙම පැටවු සිව් දෙනාගෙන් ගැහැණු පැටවා සහ පිරිමි පැටවුන් දෙදෙනකු මේ වන විටත් රිදියගම සෆාරි උද්යානයේම පසුවෙන අතර ඉන්කූගර්නැමති පිරිමි සිංහ පැටවා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවවට පරිත්යාග කෙරුණු බව රිදියගම සෆාරි උද්යානයේ සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත සමරසේකර පවසයි. එමෙන්මෂීනාටදාව උපන් ගැහැණු සත්ත්වයා වනමීරා මේ වන විට ගැබ්බරව සිටියි. ඉදිරි සති කිහිපය තුළදී එම සිංහ ධේනුවත් පැටවුන් බිහි කිරීමට නියමිතයි. “මීරාගේදරු උපතත් සමඟෂීනාමිත්තනියක් බවටද පත්වෙනු ඇති බව සහකාර අධ්යක්ෂවරයා පවසයි. එමෙන්ම සෆාරි උද්යානයේ සිටිනලාරානැමති සිංහ ධේනුවද මේ වන විට ගැබ්බරව සිටියි. ඇයත් ඉදිරි දින කිහිපය තුළදි පැටවුන් බිහි කිරිමට නියමිතය. රිදියගම සෆාරි උද්යානයේ සිංහ කලාපය තුළදී තුන් වන වරටත් සිංහ පැටවු බිහි වීමක් සිදු වුණි. 2018 වර්ෂයේදීය. එහිදීසහරානැමති සිංහ ධේනුව විසින්ම නැවතත් පැටවුන් දෙදෙනකු බිහි කරනු ලැබුවේය. පෙර පරිදිම මෙවරත්සහරාවිසින් සිය පැටවුන් දෙදෙනාම අතහැර දැමීමක් සිදු වුණි.එහිදී එක් පැටවකු මිය ගිය අතර එක් පැටවකු පශු වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ කිරි පොවා ඇති දැඩි කිරිම සිදුකර ගත්තේය.

මෙවර උපන් සිංහ පැටවුන් තිදෙනාද සමග රිදියගම සෆාරි උද්යානයේ සිටින මුළු සිංහයන් ගණන 14කි. ඉන් 07 දෙනෙකුම රිදියගම සෆාරි උද්යානයේදීම උපත ලැබූවන් වීමද විශේෂත්වයකි.ෂීනා“ “සහරාටවඩා බොහෝ සෙයින් වෙනස් වු සිංහ ධේනුවක් බවට පත් විය.“ෂීනාසිය දරුවන් ප්රතික්ෂේප නොකර කිරි දී ඔවුනට රැකවරණය ලබා දුන්නාය. අද වන විට එම පැටවුන්ගේ වයස අවුරුදු 03කි. මෙම පැටවු සිව් දෙනාගෙන් ගැහැණු පැටවා සහ පිරිමි පැටවුන් දෙදෙනකු මේ වන විටත් රිදියගම සෆාරි උද්යානයේම පසුවෙන අතර ඉන්කූගර්නැමති පිරිමි සිංහ පැටවා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවවට පරිත්යාග කෙරුණු බව රිදියගම සෆාරි උද්යානයේ සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත සමරසේකර පවසයි.

 

එමෙන්මෂීනාටදාව උපන් ගැහැණු සත්ත්වයා වනමීරා මේ වන විට ගැබ්බරව සිටියි. ඉදිරි සති කිහිපය තුළදී එම සිංහ ධේනුවත් පැටවුන් බිහි කිරීමට නියමිතයි. “මීරාගේදරු උපතත් සමඟෂීනාමිත්තනියක් බවටද පත්වෙනු ඇති බව සහකාර අධ්යක්ෂවරයා පවසයි. එමෙන්ම සෆාරි උද්යානයේ සිටිනලාරානැමති සිංහ ධේනුවද මේ වන විට ගැබ්බරව සිටියි. ඇයත් ඉදිරි දින කිහිපය තුළදි පැටවුන් බිහි කිරිමට නියමිතය. රිදියගම සෆාරි උද්යානයේ සිංහ කලාපය තුළදී තුන් වන වරටත් සිංහ පැටවු බිහි වීමක් සිදු වුණි. 2018 වර්ෂයේදීය. එහිදීසහරානැමති සිංහ ධේනුව විසින්ම නැවතත් පැටවුන් දෙදෙනකු බිහි කරනු ලැබුවේය. පෙර පරිදිම මෙවරත්සහරාවිසින් සිය පැටවුන් දෙදෙනාම අතහැර දැමීමක් සිදු වුණි.එහිදී එක් පැටවකු මිය ගිය අතර එක් පැටවකු පශු වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ කිරි පොවා ඇති දැඩි කිරිම සිදුකර ගත්තේය. මෙවර උපන් සිංහ පැටවුන් තිදෙනාද සමග රිදියගම සෆාරි උද්යානයේ සිටින මුළු සිංහයන් ගණන 14කි. ඉන් 07 දෙනෙකුම රිදියගම සෆාරි උද්යානයේදීම උපත ලැබූවන් වීමද විශේෂත්වයකි.

                                 ............................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

 

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...