Saturday, December 17, 2022

මිහින්තලේ

 

තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම, ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේදී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැනද හයවන සියවසේදී පමණ ලියු වංශ කතාවලද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුලත් වුවත් ක්‍රිස්තු පුර්ව  පස්වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකල ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචිවූ බව විශ්වාස කෙරේ. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින  සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල  සඳහන් කොට ඇත. (සෙනරත් පරණවිතාන මහතාගේ සිංහලයෝ පොත)

ධර්මාශෝක රජු පැලලූප් නුවර අධිරාජ්යයා වශයෙන් සිටින විට ඔහුගේ එකම පුතරයා වන මහින්ද කුමරුහට වයස අවුරුදු 14 ක් පමණව සිටියහ. ඉන් වසර 06 කට පසුව වසර 20 ක් වන කල පැවදි දිවියට පත් හෙතෙම පසුකාලීනව අරහත්භාවයට පත්විණ. සසර මාර්ගය කෙටිකරගත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ධර්මාශෝක අධිරාජ්යයාගේ ඉල්ලීම පරිදි බුද්ධදර්ශනය හා එහි හරය රී ලංකා ද්වීපයට වැඩම කරවීම අතිශය වැදගත් නිමේෂයක් විය. හිරු, සඳු, මහා වෘක්ෂ සහ මහා පර්වත වන්දනා කළ රී ලාංකිකයන් මහා ඥානවන්ත මෙන්ම ගුණවත්ත මානව කොට්ඨාශයක් බවට පරිවර්ථනය වීමට බලපෑ ආරම්භය ලෙස මහින්දාගමනය අතිශයින් වැදගත් වේ. වර්ථමානයේ අප විසින් පුද දෙන අම්බස්තලය, මිහින්තලාව, චේතියගිරිය, මිස්සකපව්ව නැතහොත් සෑගිරිය වශයෙන් `දුන්වාදෙන අතර, මිහි`දු මහරහතන් වහන්සේ රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක ඇතුළු පිරිස රී ලංකාවට පිටත් කර එවන ලද්දේ බුද්ධ දර්ශනය රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඊට අනුගරහය ලබාදුන් ධර්මාශෝක අධිරාජ්යයා සහ මොග්ගලිපුත්තතිස්ස තෙරුන්ගේ අනුගරහය යටතේය. මෙම රියාදාමය සිරිලක මහින්දාගමනය යනුවෙන් සනිටුවන්ව ඇත. 2021 ජුනි මස 24 වන දිනට යෙදුනු පොසොන් පොහොය සියලූ බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන දේශීය සහ විදේශීය ජනකායත් මිහින්තලයට අදටත් වැද නමස්කාර කරනුයේද එකි තත්ත්වය හේතුවෙනි.

ඓතිහාසික මිහින්තලාව අනුරාධපුර නගරයේ සිට ඊට ඊසාන දිසාවෙන් කිලෝමීටර 11ක් පමණ දුර රමාණයක් ගිය කල මුහුදු මට්ටමින් මීටර් 309.27ක් උසින් යුක්ත වන ඓතිහාසික ශේෂ කන්ද රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති ඉතිහාසයක් පවතින වැදගත් පූජනීය ස්ථානයක් ලෙස වැදගත් වී ඇත. පොසොන් සමයේ රී ලාංකික මෙන්ම විදේශීය ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට මෙන්ම පූජනීයත්වයට මිහින්තලේ අම්බස්තලය පත්වීමට හේතු සාධක වීමට ඉවහල් වී ඇත්තේ නිසාය. රී ලංකාවේ සොළොස්මස්ථානවලින් එකක් සේ සැලකෙන මිස්සකපව්ව පූජනීය ස්ථානයකි. මෙය අක්කර 450 පමණ භූමි රදේශයක ව්යාප්තව පවතින බව `දුනාගත හැකිය. වංශකතා සාහිත්යය සාධකවලට අනුව මෙම ශුද්ධ භූමියේ සිංහ පොකුණ, නාග පොකුණ, කණ්ඨක චේතිය, මිහි`දු සෑය, අම්බස්තල දාගැබ, ආරාධනා ගල, `දිකටු සෑය, කළුදිය පොකුණ, දාන ශාලාව, මහා සෑය, සන්තිපාන ශාලාව, ඇත් වෙහෙර මෙන්ම හා තදාසන්නව පිහිටි ආරාමික නටඹුන් විශාල රමාණයක්ද සංඝයා වහන්සේලා සඳහා දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා කරන ලද ලෙන් 68 නටඹුන් වර්ථමානයේ වුවද දැකගත හැකිවීම විශේෂයකි. වර්ථමානයේද දැකගත හැකි මිහි`දු ගුහාව මිහි`දු හිමියන්ගේ වාසය පිණිස පිළියෙළ කොට පූජාකර ඇති බව ජනවහරේ අතිශය රචලිතයසසර මාර්ගය කෙටිකර ගත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස සිය පියා වන ධර්මාශෝක රජුගේ ඉල්ලීම පරිදි බුද්ධ දර්ශනය ලංකා ද්වීපයට වැඩම කරවීම ඓතිහාසික වශයෙන් රී ලාංකික ජනයාගේ සිතුම්, පැතුම් සාරධර්ම මෙන්ම අධ්යාපනික තත්ත්වය වැඩිදියුණු කිරීමට බලපෑ රධාන හේතු සාධකයක් බවට පත්වූ බව පැහැදිලි තත්ත්වයකි. මිහි`දු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට ආගමනය වූ අවස්ථාවේදී ලක්දිව රාජ් පාලකයා ලෙස කටයුතු කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාය. ඉන් අනතුරුව සංඝමිත්තා මෙහෙණිය ඇතුළු අවශේෂ පිරිස ලක්දිවට පැමිණීම, අරිට්ඨ කුමරු පැවිදිභාවයට පත්වීමත් සමග සංඝමිත්තා මෙහෙණියගේ මෙහෙයවීමෙන් අනුලා දේවිය පැවිදි බවට පත්වීමත් සමඟ මෙරට භික්ෂුණී ශාසසනය ආරම්භ වූ අතර, එම පිරිසගේ වාසස්ථානය ලෙස මිහින්තලාව පත්වීමෙන් පසුව එම පිරිසගේ වාසය සඳහා දේවානම්පියතිස්ස රජු විසින් ලෙන් 68ක් පූජා කළ බව ඓතිහාසික සාධක පෙන්වා දෙයි. එම අවධියේදි වාස්තු විද්යාත්මක වශයෙන් දියුණුව පැවති තත්ත්වයක් නොවූ අතර එම ලෙන් පූජා කරන ලද්දේ එම පිරිසගේ දෛනික පාරිභෝජනය පිණිස බව අවබෝධ කොටගත හැකිය.

 

හිරු, සඳු, මහා පර්වත, මහා වෘක්ෂ මෙන්ම ගස් ගල් අදහමින් සිටි මිනිසුන් මිහි`දු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග සසර කෙටි කර ගැනීමේ අරමුණු ඇතිව පැවිදි භාවයට පත්වන්නට වීමද අතිශයින් වැදගත්ය. එම අවධිය වන විට ඉතා දියුණු මට්ටමේ වාස්තු විද්යාත්මක ගොඩනැ`ගීම් නොපැවති අතර, මූලාරම්භක වකවානුවේ ස්වාභාවික ගල්ලෙන් පිරිසිදු කර කටාරම් කොටා එමගින් ඇතුළතට ජලය ගලා ඒම වළක්වා භික්ෂූන් වහන්සේලාට වාසය සඳහා එම ස්ථාන පූජාකොට ඇති බව සුවිශේෂී කරුණක් සේ සැලකිය හැක. අම්බස්තලය දාගැබේ සිට නැගෙනහිර දිශාවට පහළට යන විට දැකගත හැකි පටු මාර්ගයක් ඔස්සේ ශිලාමය පියගැට පෙළක් පවතින අතර එහි මද දුරක් ගියවිට මිහි`දු මාහිමියන් වැඩ විසුවා යැයි සැලකෙන මිහි`දු ගුහාව දර්ශනය වේ. එය මිහි`දු හිමියන් වැඩ සිටි ලෙන වශයෙන් දැනුදු `දුන්වා දෙයි. බව සනාථ වන සාධක හාත්පස ස්වාභාවික මෙන්ම සුන්දර දර්ශනයන්ගෙන් රත්යක්ෂ කරගත හැකි වේ. මෙම පරිසරය සිත් සනහාලන එමෙන්ම ඉතා සුව ජනක ස්ථානයක් වීම , රහතුන් වහන්සේ නමකට සිය සිත එකඟ කොට ගත හැකි ආකාරයේ මනරම් පරිසරයක් පැවතීම ඉතා සිත්ගන්නා සුළුය. මිහින්තලා කඳුකරය ආශරිත රදේශයේ පවත්නා අනිකුත් ලෙන් අතුරෙන් මනරම් සුවිශේෂී පිහිටීමක් පවතින ඉහළින් එකට ඒකාබද්ධව පවතින ගල් දෙකින් සෙවන දුන් මෙම ස්ථානය දෙපසින්ම ස්වාභාවික පරිසරය විවෘතව පැවතීමත්, තුළින් නිරන්තරයෙන් හමායන සිසිල් සුළං ධාරාවන්ගෙන් යුක්ත වීමද අතිශය වැදගත් වේ. 

 මෙම සුවිශේෂී ගල්ලෙන තුළම පවත්නා ස්වාභාවික ගලේම මනාව ඔපදමා ගල් ආසනයක්ද සකස් කර ඇති අතර, අනුබුදු මිහි`දු මා හිමියන්ට භාවනානුයෝගීව වැඩ විසීමට මෙන්ම සයනය කිරීමට , එම ස්ථානය මහෝපකාරී වී ඇතැයි ජනපරවාදයේ පවතින්නකි. ථූපවංශයේ සඳහන් කරන පරිදි බොහෝ දෙනාට අවවාද අනුශාසනා කරමින් මිහින්තලා පරිශරයේම වැඩ සිටි මිහි`දු මහරහතන් වහන්සේ පොසොන් මාසයෙන් පසු එළඹි වස්සමයේ එහි වස් වසන්න ඇති බවත්, අසූ වසක් ආයූ වළ`දා උන්වහන්සේ මිහින්තලා පරිශරයේ චේතියගිරි පර්වතයේදී පිරිනිවන් පෑ බව මහාවංශයේ සඳහන් කරයි. මිහි`දු හිමියන් වාසය කළා යැයි සැලකෙන මිහි`දු ගුහාව මෙන්ම උන්වහන්සේටම වෙන් වූ ලෙනක් මෙම ආරාම සංකීර්ණයේ පැවතුනේ යැයි ජනපරවාදයක් පැවතීණ. ලොව සියලූ බැතිමතුන් මෙම පෞරාණික ඉදිකිරීම් මෙන්ම මිහින්තලා භූමියේ පවත්නා අතිශය වැදගත් සියලූම ස්ථාන නැරඹීමටත් හරහා බැතිමතුන්ගේ සිත් සතන් ආලෝක කර ගනිමින් පහන් සිත් පෙරදැරිව අති උතුම් නිර්වාණයම රාර්ථනා කළ යුතු අතිශය වැදගත් සුවිශේෂී ස්ථානයක් ලෙස වර්ථමානයේ වුවද වැදගත් වන බව මෙයින් රකට වන කරුණකි. මිහින්තලයේ රී ලංකා රජරට විශ්වවිද්යාලයේ පරිසර කළමනාකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ මා මෙම ලිපිය ලියා දක්වනුයේ හුදී ජන පහන් සංවේගය පිණිස බවද රකාශ කරනු කැමැත්තෙමි.

                     ...........................................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...