Sunday, October 30, 2022

පිදුරංගල

 

 ලංකාව වසර 2500ක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනවා. වසර දහස් ගණනක ශ්‍රී විභූතිය පිළිබිඹු වන ස්ථාන ශ්‍රී ලංකාව පුරා විසිරී පවතිනවා. මාතලේ දිස්ත්‍රික්කය ඉන් කිහිපයකට උරුමකම් කියන ප්‍රදේශයක්. මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටි සීගිරිය ලොව පුරා ජනප්‍රිය සංචාරක සංධිස්ථානයක් වෙනවා. ‘ලොව අටවන පුදුමය’ ලෙස ද සමහරු හඳුන්වන මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අති බහුතරය නොවැරදීම පැමිණෙන ස්ථානයක් වෙනවා. අතීතයේ පටන් සීගිරිය සමග ගසට පොත්ත ලෙස බද්ධ වූ ස්ථානයක් ලෙස පිදුරංගල හැඳින්විය හැකියි. සීගිරියේ පවතින අතිශය වූ ජනප්‍රියතාවය නිසා සමහර අවස්ථාවල දී අවධානයෙන් වසන් වූව ද ඓතිහාසික වැදගත්කමින් නම් එය සීගිරියට කිසිසේත් ම දෙවැනි වන්නේ නැහැ.

පිදුරංගල පිහිටා ඇත්තේ කොළඹ සිට කි. මී. 180ක් පමණ ඈතට වන්නට යි. ඉනාමළුව සීගිරිය මාර්ගයේ සීගිරි පර්වතය නැගීම සඳහා ඇතුළු වන ස්ථානය පසුකර තවත් සැතපුමක් පමණ ඉදිරියට ගිය විට පිදුරංගල හමුවෙනවා. මෙය ඉනාමළුව හංදියේ සිට දළ වශයෙන් කි. මී. 3ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. සීගිරිය මුහුදු මට්ටමේ සිට මීටර 349ක පමණ උසකින් පිහිටා ඇති අතර, පිදුරංගල ඊට වඩා මීටරයක් පමණ උසින් අඩු ලෙස සැලකෙනවා. පිදුරංගල මුදුනට නැගුණු විට හාත්පස සුන්දර දර්ශන නැරඹිය හැකි අතර සීගිරියේ මනස්කාන්ත දර්ශනයක් ද දැකගත හැකියි.

පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා.

පිදුරංගල මුදුනෙහි ඇති මනස්කාන්ත දර්ශන නැරඹීමට අමතර ව එහි පාදමේ සිට ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුතු ස්ථාන රාශියක් එහි සංචාරය කරන්නන්ට හමුවෙනවා. පිදුරංගල නැගීමේ ගමන ආරම්භ කරන ස්ථානය වම්පස කාශ්‍යප ස්ථූපය නම් ගරාවැටුණු චෛත්‍යයක නටඹුන් දැකගත හැකියි. මෙය කාශ්‍යප රජුගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදුකළ ස්ථානය ලෙස සැලකෙනවා. වැඩි දුරක් යන්නට මත්තෙන් පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර දැකගත හැකියි. මෙහි වර්තමාන විහාරස්ථානය මීට වසර සියයකට පමණ පෙර ඉදිකර ඇතිමුත් එය නිමවා ඇත්තේ ශත වර්ෂ ගණනාවක් ඉපැරණි විහාරයක ශේෂයන් මැදි කොට ගෙනයි.

එය වැඳ පුදාගැනීමෙන් අනතුරුව පර්වතය නැගීම ආරම්භ කළ හැකියි. මෙම නැග්ම සීගිරියට වඩා මඳක් අපහසු යි. සාමාන්‍යයෙන් මෙය නැගීමට පැයක පමණ කාලයක් ගත වන අතර දැඩි හිරු රශ්මියක් සහිත මධ්‍යාහ්න වේලාව මඟහැර ගමන සැලසුම් කිරීම සුදුසු යි. ගමනෙහි පළමු කොටසෙහි ගල් පඩි හා අත්වැට ඉදිකර තිබෙන අතර එහි අවසාන කොටස මඳක් අපහසු නැගීමක් ඇති තරමක් තීව්‍ර එකක්. ඓතිහාසික වටිනාකමකින් යුතු තවත් ඉපැරණි ලෙන් විහාරයක් ගමනේ අතරමඟ දී හමුවන අතර, වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ නටඹුන් කිහිපයක් පමණයි. මෙහි මීටර 12.5ක දිගකින් යුතු සෙල්මුවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇති අතර එහි ගරා වැටුණු සමහර තැන් මෑත යුගයේ නැවත පිළිසකර කර තිබෙනවා. මෙහි හිස සහිත කොටස මීට වසර 50කට පමණ පෙර නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර, මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති දේවලට එයත් අයත් වෙනවා. මෙම ඓතිහාසික ලෙන් විහාරයේ සිට එහි මුදුනට ඇත්තේ මිනිත්තු 5-10ක පමණ ගමනක්.

පර්වතය මුදුනට ළඟා වූ පසු හාත්පස මනස්කාන්ත දර්ශනයක් පෙනීමට පටන්ගන්නවා. විශේෂයෙන් ම මෙහි සිට සීගිරිය ඉතා අලංකාර ලෙස දිස්වෙනවා. මෙහි උස ම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් හමුවෙනවා. පිදුරංගල මුදුනතට සීගිරිය පෙනෙන්නේ යම් සේ ද, සීගිරිය මුදුනටත් පිදුරංගල එලෙස ම පෙනෙන අතර කාශ්‍යප රජ සමයේ දී කාශ්‍යප රජු මාළිගයේ සිට ම පිදුරංගල වැඳ පුදාගැනීම සිදුකළ බැව් කියැවෙනවා. සීගිරි චිත්‍රවල ඇති ළඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීම සඳහා යන ලෙස දක්වා ඇති බැව් සැලකෙනවා.

...........................................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

Saturday, October 15, 2022

රම්බොඩ ඇල්ල


ගංගා අසමාන බිම් හෝ කඳු හරහා ගලා යන විට දිය ඇලි සාදයි. සමහර ව්ට එකම ගඟේ අතුගංඟා දෙකක් එකිනෙකට සමීපව ද්විත්ව දිය ඇලි සෑදිය හැකිය. මෙම Y හැඩය ඇති දිය ඇලි සැදිමෙන් පසුව අතු ගංඟා ඒකාබද්ධ වී ගලා යයි.

මෙම අද්වීතිය භුගොලිය පිහිටිම නුවරඑළිය, පුස්සැල්ලාව ප්රදේශයේ දී දැකිය හැකිය. එය රම්බොඩ ඇල්ල ලෙස හදුන්වයි.

මෙය නිර්මාණය වන්නේ කොත්මලේ ඔයේ අතුගංගාවක් වන රම්බොඩ ඔයෙනි.

කෙසේ වෙතත් රම්බොඩ ඔය කොත්මලේ ඔයට එකතු වෙන්න කලින් දිය ඇලි තුනක් නිර්මාණය කරනවා.

1. ඉහල රම්බොඩ ඇල්ල (Y හැඩති)

2.මැද රම්බොඩ ඇල්ල

3.පහළ රම්බොඩ ඇල්ල

නුවරඑළිය දිස්ත්රික්කයේ පුස්සැල්ලාව ප්රදේශයේ පිහිටා ඇති රම්බොඩ ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි අතර 11 වන උසම දිය ඇල්ලයි. එය ලෝකයේ උසම දිය ඇලි අතර 729 වන ස්ථානය හිමිකර ගනී. උසින් මීටර 109ක් වන මෙම දිය ඇල්ල නිර්මාණය වන්නේ කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්නා ඔයෙනි. ඔබ A5 මාර්ගයේ පේරාදෙණිය සිට නුවරඑළිය දක්වා ගොස් ඇත්නම් රම්බොඩ උමග පසු කරනවාත් සමග ඇති මේ දිය ඇල්ල දැක ඇති.

 

රම්බොඩ ඇල්ල කොටස් තුනකින් කඩා හැලෙන අතර ඒවා ඉහළ කොටස, පහළ කොටස හා මධ්යම කොටස ලෙස නම් කල හැකිය. ඇල්ලේ ඉහළ කොටස නැරඹීමට නම්, රම්බොඩ නගරය පසුකරනවාත් සමගම ඇති පාලම අසල තිබෙන අඩිපාර ඔස්සේ ඉහලට මද දුරක් ගමන් කළ යුතුවේ. එම මාර්ගය ඔස්සේ ඇල්ලේ සුන්දරත්වය විව්ධාකාර කෝණවලින් නැරඹීමට හා ඡායාරූප ගත කිරිමට හැකිය. මෙහිදී ඇල්ල ඉහලට යාමට ටිකට් පතක් ගැනීමට සිදුවන බවද මතක තබා ගන්න.

 

මෙම දිය ඇල්ලේ පහළ කොටසට යාමටනම් ඔබ රම්බොඩ-උමග අසලින් පහලට තිබෙන මාර්ගයේ ගමන් කල යුතුය. මෙහිදී Ramboda Falls පාලන අධිකාරියේ අවසරය ගැනීමට සිදුවන බවද සිහියේ තබා ගන්න. මේ අසලම තවත් දිය ඇලි කීපයක්ම ඇති අතර, ඒවායින් පූනා ඇල්ල කැපී පෙනෙයි.

 

එසේනම් පේරාදෙණියනුවරඑළිය මාර්ගයේ ගමන් කරන ඔබ මදක් නැවතී මේ සුන්දර ඇල්ලේ අසිරිය විදගෙනම් යාමට අමතක නොකරන්න.

                    .......................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

Thursday, October 13, 2022

දෙවිනුවර

 

මාතර නගරයෙන් කි. මී. 4 1/2 දුරින්, මාතර - තංගල්ල මාර්ගය පසෙක පිහිටා ඇති දෙවිනුවර පරම විචිත්රාරාම විහාරයස්ථානය පැරණි රජ දරුවන් කල නම් කර ඇත්තේ ගිරිහෙල් විහාරස්ථානය වශයෙනි. දෙවිනුවර පැරණි නාමය ගිරිහෙල්පුර වූ නිසා ගිරිහෙල් විහාරස්ථානය වශයෙන් නම් කෙරුණු බවට තොරතුරු අනාවරණය වේ.

පුරාණයේ බෞද්ධ විහාරස්ථානයකට අයත් සියලුම අංග වලින් සමන්විත මෙම විහාරය මෑත කාලයේ දී ශීඝ්රයෙන් සංවර්ධනයට යොමු වී ඇති බව පැහැදිලි වේ. කිහිරි කඳකින් නෙළන ලද දේව ප්රතිමාවක් තැන්පත් කොට ඉදිකරන ලද දේවාලයක් හා විහාරස්ථානයක් යන අරුතින් ''කිහිරැලි වෙහෙර'' නමින් හඳුන්වා හදුන්වා ඇතැයි ශාසන ඉතිහාසයේ දැක්වේ.දාපුලුසෙන් රජු (ක්රි. . 660 -665) විසින් එම මහා සාගරයෙන් පාවී දෙවිනුවර සිංහාසන වැල්ලට ගොඩගැසූ කිහිරි කඳෙන් නිර්මාණය කළ දේව රූපය තැන්පත් කොට දෙවිනුවර උපුල්වන් ශ්රී විෂ්ණු මහා දේවාලය ඉදිකර ඇත.

වළවේ ගඟක්රි. . 660 -665 අතර වකවානුවේදී සර්වඥ ධාතුන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේ නිදන් කරමින් බුබ්බුලාකාර හැඩයෙන් මෙම චෛත් ගොඩනැගුණු බව එහි ඇති සෙල්ලිපියකින් දැක්වේ. ක්රි. . 1066 මහ විජයබා රජු චෛත් ප්රතිසංස්කරණය කර දර්ශනීය වටදාගේ නිර්මාණය කළ බව මහාවංශයේ දැක්වේ. රෝහණ දේශයේ වටදාගෙයක් සහිත චෛත්යයක් ගැන සඳහන් වන්නේ නම් දෙවිනුවර පරම විචිත්රාරාම විහාරයේ චෛත් සම්බන්ධයෙනි. එම වටදාගෙයි නෂ්ටාවශේෂ වූ ගල්කණුවල කොටස් අද චෛත් වටා දිස්වේ. මෙම චෛත් ඉදිරිපස දර්ශනීය බුදු මැදුරක් හා දෙපස කුඩා දේවාල දෙකක් ඇත. චෛත් මළුවේ ගණේෂ දේවාලය ශෛලමය වෘෂභ රූප දෙකක් නිර්මාණය කර ඇත. විහාර ස්ථානයේ ප්රධානතම නිර්මාණශීලී විහාරාංගයක් වන ඔත්පිළිම ගෙය ක්රි. . 1306 දී 4 වැනි පරාක්රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද බවට ශාසන ඉතිහාසයේ දැක්වේ. විහාර දේවාලගම් ආඥා පනත යටතේ රජයේ අනුග්රහය ලබන මෙම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර උත්සව සමයේ දී දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පුදබිම් පිරී ඉතිරී යයි.

ඈත අතීතයේ සිට දේශ දේශාන්තරවල පවා ප්රසිද්ධියට පත් දෙවිනුවර පුදබිම රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරයට අයත් වූ බවත් රාවණා යුද්ධයේ දී රාවණට දුනු විද මරණු ලැබුයේ ඔහුගේ අගනුවර වූ ලංකා පුරයට අයත් දෙවිනුවර දේවාල භූමියේදී බවත් රාවණා පුවත නමැති පැරැණි පුස්කොළ පොතෙහි සඳහන් වේ. එම සිදුවීම සිහිවීම සඳහා රාම කුමාරයා දුනුදිය අදින කැටයමක් සහිත ගල් කණුවක් පිහිටුවන ලද බව එහි සඳහන් වේ. එම ගල් කණුව අද දේවාලය සමීපයේ පිහිටි රජ මහා විහාරයට පිවිසෙන පියගැටපෙළ මුදුනෙහි මැද දැකගත හැකිය. එම පුස්කොළ ග්රන්ථයෙහි තවදුරටත් සඳහන් වනුයේ රාවණා රජු පරාජය කිරීමෙන් පසු සිදු කළ එම පවෙන් මිදීම සඳහා රාම කුමරු විසින් එම ස්ථානයේ ශ්රී රාම (විෂ්ණු) දේවාලය එම ඝාතනය සඳහා දුනුදිය මෙහෙය වූ වර්තමානයේ ගල්ගේ පිහිටි ස්ථානයේ ශීව දේවාලය පිහිට වූ බව යි.

රාවණා පුවත කරුණු මේ ආකාරයෙන් දැක්වුවද දෙවිනුවර උත්පලවණ්ණා ශ්රී විෂ්ණු දේවාලයේ ආරම්භය පිළිබඳ කවිමිණිකොඬොල පද්යයේ සඳහන් වනුයේ මෙම දේව මන්දියර ක්රි.. 690 දී රජු වූ දාපුළුසේන (දෙවන දප්පුල) රජු විසින් කර වූ බව යි.

 

ජනප්රවාදයට අනුව දාපුළුසෙන් රජතුමා දිනක් සිහිනයක් දැක ඇත. එය නම් වෙසක් මස පුරපළොස්වක පොහොය දින මුහුදින් පාව එන රන්කිහිරි කොටසකින් විෂ්ණු දේව පිළිමයක් නෙලා දේව මන්දිරයක් සාදා පෙරහැර කරවා පුදපුජා පැවැත්විය යුතු බවයි. රජතුමා විසින් කියන දිනයේ මුහුද අසලට ගියකල පාව කිහිරැල් කොටය පෙරහරක් මඟින් වඩම්මා දේව පිළිමයක් අඹවා දේවාලය කරවා එහි තැන්පත් කර පුද ජූජා පවත්වා ඇති බව මුඛ පරම්පරාවෙන් එන ශ්ලෝකයකින් කියැවේ. කිහිරැල් කොටස පාව ඒම මංගල කරුණක් බැවින් එම ස්ථානය මඟුල් වැල්ල ලෙස එදා සිට අද දක්වාම හඳුන්වනු ලැබේ. එමෙන්ම මෙම කථා පුවත පැරකුම්බා සිරිත, තිසර, පරෙවි, කෝකිල, මයුර වැනි සංදේශ කාව්යයන්හි ආන්තර්ගත වේ. මෙම දේව පිළිමය සම්බන්ධ ජනප්රවාද රාශියක් ගැමියන් අතර වේ. මෙම පිළිමය පසුව අලුත් නුවරට වඩම්මවා පසුව මහනුවරට වැඩම්ම වූ බවත් අවසානයේ දඹුලු විහාරයේ තැන්පත් කර ඇති බව ලංකාවේ ප්රථම පුරාවිද්යා කොමිසාරිස් එච්.සී.පී.බෙල් මහතා 1892 රචනා කල කැගලු වාර්තා වේ සඳහන් වේ.

දාපුළුසෙන් රජු විසින් ඉඳිකරන ලද දේවාලය ශක්තිමත් අත්තිවාරමක් මත පිහිටි වු ගල් කණුවලින් සමන්විත මහල් තුනකින් යුක්ත ගොඩනැලිල්ලකි. එය අඩි 75ක් පමණ දිග පළලින් ප්රමාණයෙන් විශාල . මෙම දේවාල පරිශ්රය දිග්ගෙය, මාලිගාව, උඩුමාල්ගෙය මුළුතැන්ගෙය, ගබඩාගෙය, රිට්ටා ගෙය ආදී සියලු අංගයන්ගෙන් පරිපුර්ණ වුවකි. පහළ මාලයේ වහල මාවත්මඩුවට සම්බන්ධ කර ඇත.

මාවත්මඩුව යනු දේවාලයේ ප්රධාන දොරටුවෙන් ආරම්භ කර දකුණු දිශාවට එනම් මුහුද දෙසට සැතපුම් කාලක් පමණ සෘජුව විහිදුණු මහා මණ්ඩපය යි. සිංහායනය ළඟින් අවසන්වන මෙම මණ්ඩපය මාවත දිගේ විහිදී ඇති බැවින් එම නමින් ව්යාවහාර වී ඇත. වර්තමානයේ මාවත්මඩුවේ ගල්කණු සෙටි දෙක ප්රධාන මාර්ගය දක්වා දක්නට ලැබේ. අදට දෙවිනුවර ඇසළ පෙරහැර මෙම මාවත්මඩුව ඔස්සේ ගමන් කර සිංහාසනය මතට දේවාභාරණ වැඩම්මවා පුදපූජා පවත්වා නැවත දේවාලයට ගෙවදිනු ලැබේ.

දේවාලයට පිවිසිමට තුන් පැත්තකින් ගල් දොරටු තුනක් තිබී ඇත. සිංහාසනය දෙසින් වූ ගල් දොරටුව අදට ආකාරයෙන්ම දකින්නට තිබේ. උසින් අඩි හතක් හා පළලින් අඩි තුනහමාරක ප්රමාණයෙන් යුක්ත මෙම ශෛලමය දොරටුව පුරාණ සිංහලයන්ගේ කලා කෞෂල් විදහාපාන කදිම නිදසුනකි. ඉහළ කොටසෙහි මකර කැටයමකි. දෙපස සිංහල සැරසිලි මෝස්තර නිරූපිත .

දේවාලයේ මුදුන් වහලෙහි රන් ආලේපිත තඹ ලෝහ පත් සෙවිළි කර තිබු බවත් මුහුදේ ගමන් කරන නාවිකයන් එය දැකීමෙන් විශාල නගරයක් බවට රැවටුණු බවත් ක්රි..1372 දී ලංකාවට පැමිණි දේශාටකයෙකු වූ ඉබන් බතූනා සිය වාර්තාවල සඳහන් කර ඇත.

දේශ දේශාන්තර බැතිමතුන්ගේ පුද පුජාවනට පාත් වූ දෙවිනුවර දේවාලය ක්රි.. 1987 දී පෘතුගීරසි ග්රහණයට ලක් විය. එහිදී සවුසා ඇරන්වේස්නමැති සේනාපතියා ප්රමුඛ පරංගි සේනාව දේවාලයට කඩා වැදී එහි තිබු රන්, රුවන්,මුතු මැණික්, ඇත් දළ කොල්ලකා දේව ප්රතිමා විනාශ කර දොරටු අට්ටාල කඩා බිඳ දමා ගොඩනැගිලි ගිනිබත් කළහ. අනතුරුව දේවාලය තිබු තැන ඔවුන් ගේ ෆැන්සිස්කන් නිකායගත රෝමානු කතෝලික පල්ලියක් ගොඩනගන ලද බව කොන්ස්ටැන්ටයින් දෙසාගේ වාර්තාවේ සඳහන් වේ. එතැන් සිට මෙම භූමිය පල්ලිය වත්ත ලෙස ව්යාවහාර විය. ලන්දේසි පාලන සමය තුළ මෙම පල්ලිය කඩා බිඳ දමා ඇත. ක්රි.. 1825 දී නැවත දේවාලය ගොඩනගා ඇත. දැනට දකින්නට ලැබෙන ශ්රී විෂ්ණු දේවාලය 1954 දී එවකට සිටි බස්නායක නිළමේ ධූරය දැරූ .පී. විජේතුංග මහතා විසින් තම පෞද්ගලික ධන පරිත්යාගයෙන් ඉදිකරන ලද්දකි.

දේවාල භුමිය පුරා විසිරී ඇති නටබුන් වූ වස්තුන් අතරේ ඇති ගල් පාත්රය ඉතා අගනේය. විශ්කම්භය අඩි හතරක් හා ගැඹුර අඩි එකහමාරක් ඝනකම අඟල් තුනක් වන ගලින් කළ ඉතා මට සිළුටු පුරා වස්තුවකි. එය දේවාලය ඉදිරිපස පිහිටුවා ඇත. අතීතයේ පටන් අද දක්වාම එය පඬුරු සේදීම සඳහා භාවිත කරයි. දේවාලයේ දොරටු දෙපස ඇති ගජසිංහ කැටයම් සහිත කොරවක් ගල් ඉතා අලංකාර . සරල සිංහල සැරසිලි මෝස්තර කැටයම් සහිත ගල් උළුවහු මෙන්ම මල් රටාවකින් ආවරණය වූ ගල් ජනේල විශේෂ නිර්මාණයන් .

දේවාල පරිශ්රයෙහි කතරගම දේවාලය, පත්තිනි දේවාලය, ගණ දේවාලය ප්රමුඛ දේවාල 7ක් පිහිටා ඇත.

අතීතයේ සිදුකළ පරිදිම අද සෑම දිනකම දිනකට තුන්වරක් දෙවියන් උදෙසා මුරුතැන් පුජාව පවත්වන අතර වාර්ෂිකව අති උත්සවශ්රීයෙන් ඇසළ මහ පෙරහර පවත්වනු ලබයි. ඇසළ මංගල්යය සමයෙහි උත්සවශ්රීයෙන් අලංකාර වන දෙවිනුවර පුදබිම අතීත ශී විභූතිය තීව් වෙයි.

කඳසුරිගේ දේවාශීර්වාදය පතා කතරගම බලා යන බැතිමතුන් මේ දෙවිනුවර දේවාලය වෙත පැමිණ විශ්ණු දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරති.

                ......................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...