මාතර නගරයෙන් කි. මී. 4 1/2 දුරින්, මාතර - තංගල්ල මාර්ගය පසෙක පිහිටා ඇති දෙවිනුවර පරම විචිත්රාරාම විහාරයස්ථානය පැරණි රජ දරුවන් කල නම් කර ඇත්තේ ගිරිහෙල් විහාරස්ථානය වශයෙනි. දෙවිනුවර පැරණි නාමය ගිරිහෙල්පුර වූ නිසා ගිරිහෙල් විහාරස්ථානය වශයෙන් නම් කෙරුණු බවට ද තොරතුරු අනාවරණය වේ.
පුරාණයේ
බෞද්ධ විහාරස්ථානයකට අයත් සියලුම අංග වලින් සමන්විත මෙම විහාරය මෑත කාලයේ දී ශීඝ්රයෙන්
සංවර්ධනයට යොමු වී ඇති බව
පැහැදිලි වේ. කිහිරි කඳකින් නෙළන ලද දේව ප්රතිමාවක් තැන්පත් කොට ඉදිකරන ලද දේවාලයක් හා
විහාරස්ථානයක් යන අරුතින් ''කිහිරැලි
වෙහෙර'' නමින් ද හඳුන්වා හදුන්වා
ඇතැයි ශාසන ඉතිහාසයේ දැක්වේ.දාපුලුසෙන් රජු (ක්රි. ව.
660 -665) විසින් එම මහා සාගරයෙන්
පාවී දෙවිනුවර සිංහාසන වැල්ලට ගොඩගැසූ කිහිරි කඳෙන් නිර්මාණය කළ දේව රූපය
තැන්පත් කොට දෙවිනුවර උපුල්වන් ශ්රී විෂ්ණු
මහා දේවාලය ඉදිකර ඇත.
වළවේ ගඟක්රි. ව. 660 -665 අතර වකවානුවේදී සර්වඥ ධාතුන් වහන්සේ ද සීවලී මහරහතන් වහන්සේ ද නිදන් කරමින් බුබ්බුලාකාර හැඩයෙන් මෙම චෛත්‍ය ගොඩනැගුණු බව එහි ඇති සෙල්ලිපියකින් දැක්වේ. ක්රි. ව. 1066 මහ විජයබා රජු චෛත්‍ය ප්රතිසංස්කරණය කර දර්ශනීය වටදාගේ නිර්මාණය කළ බව මහාවංශයේ දැක්වේ. රෝහණ දේශයේ වටදාගෙයක් සහිත චෛත්යයක් ගැන සඳහන් වන්නේ නම් ඒ දෙවිනුවර පරම විචිත්රාරාම විහාරයේ චෛත්‍ය සම්බන්ධයෙනි. එම වටදාගෙයි නෂ්ටාවශේෂ වූ ගල්කණුවල කොටස් අද ද චෛත්‍ය වටා දිස්වේ. මෙම චෛත්‍ය ඉදිරිපස දර්ශනීය බුදු මැදුරක් හා දෙපස කුඩා දේවාල දෙකක් ද ඇත. චෛත්‍ය මළුවේ ගණේෂ දේවාලය ද ශෛලමය වෘෂභ රූප දෙකක් ද නිර්මාණය කර ඇත. විහාර ස්ථානයේ ප්රධානතම නිර්මාණශීලී විහාරාංගයක් වන ඔත්පිළිම ගෙය ක්රි. ව. 1306 දී 4 වැනි පරාක්රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද බවට ශාසන ඉතිහාසයේ දැක්වේ. විහාර දේවාලගම් ආඥා පනත යටතේ රජයේ අනුග්රහය ලබන මෙම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර උත්සව සමයේ දී දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පුදබිම් පිරී ඉතිරී යයි.
ඈත
අතීතයේ සිට දේශ දේශාන්තරවල පවා ප්රසිද්ධියට පත්
දෙවිනුවර පුදබිම රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරයට අයත්
වූ බවත් රාවණා යුද්ධයේ දී රාවණට දුනු
විද මරණු ලැබුයේ ඔහුගේ අගනුවර වූ ලංකා පුරයට
අයත් දෙවිනුවර දේවාල භූමියේදී බවත් රාවණා පුවත නමැති පැරැණි පුස්කොළ පොතෙහි සඳහන් වේ. එම සිදුවීම සිහිවීම
සඳහා රාම කුමාරයා දුනුදිය අදින කැටයමක් සහිත ගල් කණුවක් ද පිහිටුවන ලද
බව එහි සඳහන් වේ. එම ගල් කණුව
අද ද දේවාලය සමීපයේ
පිහිටි රජ මහා විහාරයට
පිවිසෙන පියගැටපෙළ මුදුනෙහි මැද දැකගත හැකිය. එම පුස්කොළ ග්රන්ථයෙහි තවදුරටත් සඳහන් වනුයේ රාවණා රජු පරාජය කිරීමෙන් පසු සිදු කළ එම පවෙන්
මිදීම සඳහා රාම කුමරු විසින් එම ස්ථානයේ ශ්රී රාම (විෂ්ණු)
දේවාලය ද එම ඝාතනය
සඳහා දුනුදිය මෙහෙය වූ වර්තමානයේ ගල්ගේ
පිහිටි ස්ථානයේ ශීව දේවාලය ද පිහිට වූ
බව යි.
රාවණා පුවත කරුණු මේ ආකාරයෙන් දැක්වුවද දෙවිනුවර උත්පලවණ්ණා ශ්රී විෂ්ණු දේවාලයේ ආරම්භය පිළිබඳ කවිමිණිකොඬොල පද්යයේ සඳහන් වනුයේ මෙම දේව මන්දියර ක්රි.ව. 690 දී රජු වූ දාපුළුසේන (දෙවන දප්පුල) රජු විසින් කර වූ බව යි.
ජනප්රවාදයට අනුව දාපුළුසෙන් රජතුමා දිනක් සිහිනයක් දැක ඇත. එය නම් වෙසක්
මස පුරපළොස්වක පොහොය දින මුහුදින් පාව එන රන්කිහිරි කොටසකින්
විෂ්ණු දේව පිළිමයක් නෙලා දේව මන්දිරයක් සාදා පෙරහැර කරවා පුදපුජා පැවැත්විය යුතු බවයි. රජතුමා විසින් ඒ කියන දිනයේ
මුහුද අසලට ගියකල පාව ආ කිහිරැල් කොටය
පෙරහරක් මඟින් වඩම්මා දේව පිළිමයක් අඹවා දේවාලය කරවා එහි තැන්පත් කර පුද ජූජා
පවත්වා ඇති බව මුඛ පරම්පරාවෙන්
එන ශ්ලෝකයකින් කියැවේ. කිහිරැල් කොටස පාව ඒම මංගල කරුණක්
බැවින් එම ස්ථානය මඟුල්
වැල්ල ලෙස එදා සිට අද දක්වාම හඳුන්වනු
ලැබේ. එමෙන්ම මෙම කථා පුවත පැරකුම්බා සිරිත, තිසර, පරෙවි, කෝකිල, මයුර වැනි සංදේශ කාව්යයන්හි ද ආන්තර්ගත වේ.
මෙම දේව පිළිමය සම්බන්ධ ජනප්රවාද රාශියක් ගැමියන් අතර වේ. මෙම පිළිමය පසුව අලුත් නුවරට වඩම්මවා පසුව මහනුවරට වැඩම්ම වූ බවත් අවසානයේ
දඹුලු විහාරයේ තැන්පත් කර ඇති බව
ලංකාවේ ප්රථම පුරාවිද්යා කොමිසාරිස් එච්.සී.පී.බෙල්
මහතා 1892 රචනා කල කැගලු වාර්තා
වේ ද සඳහන් වේ.
දාපුළුසෙන්
රජු විසින් ඉඳිකරන ලද දේවාලය ශක්තිමත්
අත්තිවාරමක් මත පිහිටි වු
ගල් කණුවලින් සමන්විත මහල් තුනකින් යුක්ත ගොඩනැලිල්ලකි. එය අඩි 75ක්
පමණ දිග පළලින් ප්රමාණයෙන් විශාල
ය. මෙම දේවාල පරිශ්රය දිග්ගෙය, මාලිගාව,
උඩුමාල්ගෙය මුළුතැන්ගෙය, ගබඩාගෙය, රිට්ටා ගෙය ආදී සියලු අංගයන්ගෙන් පරිපුර්ණ වුවකි. පහළ මාලයේ වහල මාවත්මඩුවට සම්බන්ධ කර ඇත.
මාවත්මඩුව යනු දේවාලයේ ප්රධාන දොරටුවෙන් ආරම්භ කර දකුණු දිශාවට එනම් මුහුද දෙසට සැතපුම් කාලක් පමණ සෘජුව විහිදුණු මහා මණ්ඩපය යි. සිංහායනය ළඟින් අවසන්වන මෙම මණ්ඩපය මාවත දිගේ විහිදී ඇති බැවින් එම නමින් ව්යාවහාර වී ඇත. වර්තමානයේ ද මාවත්මඩුවේ ගල්කණු සෙටි දෙක ප්රධාන මාර්ගය දක්වා දක්නට ලැබේ. අදට ද දෙවිනුවර ඇසළ පෙරහැර මෙම මාවත්මඩුව ඔස්සේ ගමන් කර සිංහාසනය මතට දේවාභාරණ වැඩම්මවා පුදපූජා පවත්වා නැවත දේවාලයට ගෙවදිනු ලැබේ.
දේවාලයට
පිවිසිමට තුන් පැත්තකින් ගල් දොරටු තුනක් තිබී ඇත. සිංහාසනය දෙසින් වූ ගල් දොරටුව
අදට ද ඒ ආකාරයෙන්ම
දකින්නට තිබේ. උසින් අඩි හතක් හා පළලින් අඩි
තුනහමාරක ප්රමාණයෙන් යුක්ත
මෙම ශෛලමය දොරටුව පුරාණ සිංහලයන්ගේ කලා කෞෂල්‍ය විදහාපාන කදිම
නිදසුනකි. ඉහළ කොටසෙහි මකර කැටයමකි. දෙපස සිංහල සැරසිලි මෝස්තර නිරූපිත ය.
දේවාලයේ
මුදුන් වහලෙහි රන් ආලේපිත තඹ ලෝහ පත්‍ර සෙවිළි කර
තිබු බවත් මුහුදේ ගමන් කරන නාවිකයන් එය දැකීමෙන් විශාල
නගරයක් බවට රැවටුණු බවත් ක්රි.ව.1372
දී ලංකාවට පැමිණි දේශාටකයෙකු වූ ඉබන් බතූනා
සිය වාර්තාවල සඳහන් කර ඇත.
දේශ
දේශාන්තර බැතිමතුන්ගේ පුද පුජාවනට පාත්‍ර වූ දෙවිනුවර
දේවාලය ක්රි.ව.
1987 දී පෘතුගී්රසි ග්රහණයට ලක් විය. එහිදී “ද සවුසා ඇරන්වේස්”
නමැති සේනාපතියා ප්රමුඛ පරංගි
සේනාව දේවාලයට කඩා වැදී එහි තිබු රන්, රුවන්,මුතු මැණික්, ඇත් දළ කොල්ලකා දේව
ප්රතිමා විනාශ කර දොරටු අට්ටාල
කඩා බිඳ දමා ගොඩනැගිලි ගිනිබත් කළහ. අනතුරුව දේවාලය තිබු තැන ඔවුන් ගේ ෆැන්සිස්කන් නිකායගත
රෝමානු කතෝලික පල්ලියක් ගොඩනගන ලද බව කොන්ස්ටැන්ටයින්
දෙසාගේ වාර්තාවේ සඳහන් වේ. එතැන් සිට මෙම භූමිය පල්ලිය වත්ත ලෙස ව්යාවහාර විය.
ලන්දේසි පාලන සමය තුළ මෙම පල්ලිය කඩා බිඳ දමා ඇත. ක්රි.ව.
1825 දී නැවත දේවාලය ගොඩනගා ඇත. දැනට දකින්නට ලැබෙන ශ්රී විෂ්ණු
දේවාලය 1954 දී එවකට සිටි
බස්නායක නිළමේ ධූරය දැරූ ඊ.පී. විජේතුංග
මහතා විසින් තම පෞද්ගලික ධන
පරිත්යාගයෙන් ඉදිකරන ලද්දකි.
දේවාල
භුමිය පුරා විසිරී ඇති නටබුන් වූ වස්තුන් අතරේ
ඇති ගල් පාත්රය ඉතා අගනේය.
විශ්කම්භය අඩි හතරක් හා ගැඹුර අඩි
එකහමාරක් ද ඝනකම අඟල්
තුනක් ද වන ගලින්
කළ ද ඉතා මට
සිළුටු පුරා වස්තුවකි. එය දේවාලය ඉදිරිපස
පිහිටුවා ඇත. අතීතයේ පටන් අද දක්වාම එය
පඬුරු සේදීම සඳහා භාවිත කරයි. දේවාලයේ දොරටු දෙපස ඇති ගජසිංහ කැටයම් සහිත කොරවක් ගල් ඉතා අලංකාර ය. සරල සිංහල
සැරසිලි මෝස්තර කැටයම් සහිත ගල් උළුවහු මෙන්ම මල් රටාවකින් ආවරණය වූ ගල් ජනේල
ද විශේෂ නිර්මාණයන් ය.
දේවාල පරිශ්රයෙහි කතරගම දේවාලය, පත්තිනි දේවාලය, ගණ දේවාලය ප්රමුඛ දේවාල 7ක් පිහිටා ඇත.
අතීතයේ
සිදුකළ පරිදිම අද ද සෑම
දිනකම දිනකට තුන්වරක් දෙවියන් උදෙසා මුරුතැන් පුජාව පවත්වන අතර වාර්ෂිකව අති උත්සවශ්රීයෙන් ඇසළ මහ පෙරහර පවත්වනු
ලබයි. ඇසළ මංගල්යය සමයෙහි උත්සවශ්රීයෙන් අලංකාර වන දෙවිනුවර පුදබිම
අතීත ශී‍්‍ර
විභූතිය තීව්ර වෙයි.
කඳසුරිගේ
දේවාශීර්වාදය පතා කතරගම බලා යන බැතිමතුන් මේ
දෙවිනුවර දේවාලය වෙත පැමිණ විශ්ණු දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරති.
......................................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]





So good 🤗💖
ReplyDeletenice 😘
ReplyDeleteit's good 👍
ReplyDeleteSupper
ReplyDelete