ඉහල සිට පමණක් දියඇල්ල දෙස බැලීමට හැකියාව ඇති ලංකාවේ එකම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ බළන්ගොඩ දුවිලි ඇල්ලයි. ඉතා රමණීය සුන්දරත්වයක් පිණිබිදු මතින් මවන මෙම දිය ඇල්ලට දුවිලි ඇල්ල ලෙස නම් ලැබි ඇත්තේ ජලය ඉහල සිට දිය ඇල්ල පහලට එද්දී දුහුවිලි ආකාරයට ජල බිංදු දිය ඇල්ල සිසාරා විහිදෙන බැවිනි. බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ලට ගමන් කිරීම සදහා ඔබට බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි 25.3 පමණ ගොස් හැරී තවත් කිලෝමීටර් 02 ක් පමණ වාහනයකින් බෙල්ලන්ගල රක්ෂිතය මැදින් ගමන් කල යුතුය. ඉන් පසු ඇති පඩිපෙල ඔස්සේ දිය ඇල්ල සමීපයට ලගා විය හැකිය. දිය ඇල්ල සහිත පෙදෙස වියළි කලාපීය තුරුලතා වලින් යුක්ත වන අතර දිය ඇල්ලේ ඉහල පෙදෙස් වලට පහසුවෙන් ලගා විය හැකිය.
ඉසිර විසිර ගිය දුලි වලාවක් විසිරෙන දිය බිදු හාත්පස පාවී යයි. සුර්ය රශ්මි කිරණ මේ ජල දුවිලි වලාව හරහා යමින් මවන “දේදුන්න” අතීශය චමත්කාරජනකය. ශ්‍රී ලංකාවේ දක්නට ඇති දුවිලි ඇලි 5න් ප්‍රමුඛයා මෙම බළන්ගොඩ දුවිලි ඇල්ලයි. අලි දඩයෙමේ යමින් සිටි ඉංග්‍රිසි ආණ්ඩුකාරවරෙයකු මෙම දිය ඇල්ල සොයා ගෙන ඇති බවද වර්තා වේ. වර්ථමානයේද මෙම දූවිලි ඇල්ල ප්‍රදේශයේ වල් අලින් ගැවසෙන සලකුණු සොයා ගැනීම අපහසු නැත.
මෙම
දිය ඇල්ල සමන් දෙවියන් විසින් මැව්වක් බව ගැමියන් විශ්වාස
කරති. දුර අතීතෙයේ විසු එක් රජ කුමෙරෙකු
පර සතුරන් සමඟ යුද වැදිමේදී ඔහුගේ රන් අභරණ සඟවා ගියේ මෙම ඇල්ලේ ගල් කුහරයක බවට ජනප්රවාදෙය් පවති. දිය ඇල්ල පතිත වන ගැඹුරු ජලාවාටෙයේ
රන්තෝඩු පැළඳි ආඳෙක් සහ
රන් පුහුලක් ඇති බවට ද ගැමියන තුල
විශ්වාසයක් පවතී.
වලවේ ගඟෙන් උපත ලබන මෙම ඇල්ල, උසින් අඩි 131කි. දුවිලි ඇල්ල අවට ප්‍රදේශය සබරගමුව පළාත් සභාව මඟින් පරිසර සංරක්ෂණ කලාපයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර,වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ද ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ භූමිය ලෙස මෙහි අක්කර 300ක භූමියක් වෙන් කර ඇත.මෙහි අරළු,බුළු,නෙල්ලි වැනි ඹෟෂධීය ගුණෙයන් පිරිපුන් ශාකද, සබරගමුට ආවේනික “ලෙත් ඩින්සාටේ” සමනළ වර්ගය ද,”ගැලොපර් ඩිකස් බයිකල් කරාටා” නැමැති සත්ව විද්‍යාත්මක නාමෙයන් හඳුන්වන ශ්‍රී ලංකාවටම පමණක් ආවේනික හබන් කුකුළාද මෙම පරිසරය තුළ දැක ගත හැකිය.
..............................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]



This comment has been removed by the author.
ReplyDeletegood creation 😍
ReplyDeletenice 🤩
ReplyDeleteSupper
ReplyDeleteNice ❤️
ReplyDelete