Tuesday, September 20, 2022

කතරගම

  



ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක් , දෙමළ ,හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයක එකතුවක් වන එහි කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. පසුගිය අවුරුදු දහසක කාලය ඇතුලත එයට ලගා වීමට ඉතා අපහසු වූ ආරණය පූජා බිමක් වූ අතර වර්තමානයේදී සෑම දේශගුණික මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී.සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.1940 න් පසු වන්දනා කරුවන්ගෙන් බහුතරයක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ දකුනු ඉන්දියාවෙන් පැමිනි දෙමළ හින්දු ජනතාවයි.ඔවුන් අසීරු ලෙස පයින් වන්දනාවේ පැමිණීම සිදු කරන ලදී.පසුව බොහෝ වන්දනා කරුවන් සිංහල බෞද්ධයන් බවට පත්වූ අතර සිංහල ජනතාව අතර කතරගම දෙවියන් වන්දනාව බොහෝ ප්‍රසිද්ධ විය. දෙවියන් සහ භූමිය සම්බන්ධව බොහෝ ජනප්‍රරවද සහ පුරවෘත පවතින අතර ඒවා ආගමික, ජනවාර්ගික අනුබැදිය සහ කාලය අනුව වෙනස් වේ.බෞද්ධ පූජකයන් සහ භික්ශූන් දෙවියන්ට, දේවවාදී නොවන බෞද්ධ පරමාදර්ශය තුල ඉඩ සලසා දීමට උත්සහ කරන බැවින්, මෙම පුරාවෘත, බෞද්ධයන් අතර සීඝ්‍රරයෙන් වර්ධනය වන, දේව ජනප්‍රසාදය නිසා වෙනස් වේ.බැතිමතුන්ගේ වෙනස් වීමත් සමග වන්දනා කරනු ලබන ආකාරය වෙනස් වන අතර, බෞද්ධ පූජා විදි සහ දේව ධර්මයට ඉඩ සැලැස්වීමට හින්දු භක්තිකයන්ගේ ඇති හඩගැසීම නිසා, පාවත්වනු ලබන සැණකෙලිද වෙනස් වේ. පුරා විද්‍යත්මක සහ සාහිත්‍යමය සාධක වලට අනුව, මෙම ස්ථානයට ඉපැරණි ඉතිහාසයක් අති බව පෙනුනත් , මෙම ස්ථානය පිලිබද සාහිත්‍ය ඉතිහාසය සහ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් අතර ජනප්‍රියතාවයට පත්වීමට හේතූන්, පුරාවෘත පදනම් කොටගෙන නැවත සංස්කරනය කිරීම ඉතා අපහසුය.අපහැදිලි සාහිත්‍යමය ලේඛන, පුරාවෘත සහ මිත්‍යා ප්‍රබන්ධ නිසා උරුමය පිළිබදව සහ වන්දනා කරන ආකාරය පිළිබද බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර ඝට්ටනයක් පවතී.


මෙම පූජස්ථානයේ පූජකයන් "කපුරාල" නමින් හැදින් වෙන අතර ස්වදේශීය වැදිජනතාවගේ පරපුරෙන් පැවත එන්නන් යැයි විශ්වස කරනු ලබයි.අසල පිහිටි කදු මුදුන සහිත් ප්‍රදේශය පිලිබදව පවතින පුරාවෘත නිසා වැදි ජනතාවටද මෙම පූජස්ථානයට උරුමයක් පවතීයැයි විශ්වාස කරයි.මුස්ලිම් පල්ලියක් සහ මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක් ඒ අසල පවතී.උතුරේ පිහිටි, යාපනයේ සිට දකුණේ පිහිටි, කතරගම දක්වා පවතින වන්දනා මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පවතින මුරුක්කන්ට පුද පූජා පවත්වන, ඒහා සමාන පූජස්ථාන සමග මෙම විහාර සංකීරනය සම්බන්ද වේ.1400 දී අරුනගිරිනාත, මෙම වන්දනා මාර්ගය විස්තර කර ඇත.විහාර සංකීරනය අසල ප්‍රදේශය යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රියාකාරකම් වලට යොදා ගනු ලබන අතර 1950 දී ශ්‍රී ලංකා රජය මගින් සම්පූර්න විහාර සංකීරණයම පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.එතැන් සිට දේශපාලණ නායකයින් එහි නඩත්තුව සදසා යන වියදම් වලට දායකත්වය සපයනු ලබයි.

කතරගම පූජා නගරය තුළ පිහිටා ඇති කතරගම කිරි වෙහෙර බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් සොළොස්මස්ථානයට අයත් අති පූජනීය ස්ථානයකි. කතරගම වන්දනාවේ යන සැවොම ඉමහත් භක්තියෙන් වන්දනා කරන කතරගම කිරි වෙහෙර 6 වෙනි ශත වර්ෂයේ දී මහාසේන රජතුමා විසින් ඉදි කරවන ලද්දකි. උසින් අඩි 95 ක් වන මෙම ස්ථූපය වට ප්‍රමාණයෙන් අඩි 280 කි. රුහුණු මහා කතරගම දේවාලයට මීටර් 800 පමණ නුදුරින් පිහිටා ඇති කතරගම කිරි වෙහෙර ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. කතරගම කිරි වෙහෙර සමීපයෙහි පිහිටා ඇති මහාසේන දේවාලයෙහි ඇති මහාසේන ප්‍රතිමාව මහත් හාස්කම් ඇති ස්ථානයක් ලෙස ජනතාව අතර ප්‍රචලිතය.

                 ......................................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

 

3 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...