Wednesday, September 21, 2022

සිංහරාජ වැසි වනාන්තරය

 

සිංහරාජ වැසි වනාන්තරය

යුනෙස්කෝව 1988 දී ශ්‍රී ලංකාවේ සිංහරාජ වැසි වනාන්තරය ස්වාභාවික ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කළේය. 1988 සිට එය ලෝක ජෛවගෝල රක්ෂිතයක් ලෙසද යුනෙස්කෝව විසින් නම් කරනු ලැබ ඇත.මෙය ශ්‍රී ලංකාවේ පහත් බිමක පිහිටි එකම ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරය වන අතර ලොව ඇති අසේවිත වනාන්තර කිහිපය අතරින් එකකි. හරිත වියන සහ ඉහළ ජෛව විවිධත්වය සිංහරාජ වනයේ ඇති වඩාත්ම කැපී පෙනෙන අගයන් වේ. එහි ඇති ගස් වලින් 60% කට අධික ප්‍රමාණයක් ඒකදේශික වන අතර ඒවා අතරින් බොහොමයක් දුර්ලභ වර්ග වේ.

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී.



දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි. ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.


                    ..................................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

4 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...