Saturday, December 10, 2022

යාල ජාතික වනෝද්යානය


යාල ජාතික වනෝද්යානය ශ්රී ලංකාවේ ගිනිකොණ දිග කලාපයේ පිහිටා ඇති අතර එය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රික්කයේ සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්රික්කයේ පුරා ව්යාප්තව පවතිනවා. යාල ජාතික වනඋද්යානයේ පිවිසුම පිහිටලා තියෙන්නේ තිස්සමහාරාමයේ. කිරින්ද සිට කිලෝමීටර 12 ක් පමණ ධාවනය කිරීමෙන් අනතුරුව පලටුපාන පිවිසුමට ලඟාවීමට පුළුවන්. කොළඹ සිට පලටුපාන පිවිසුම දක්වා ඇති මුළු දුර කිලෝමීටර 305ක් පමණ වෙනවා. යාල ජාතික උද්යානය ශ්රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්යානයයි. යාල වර්ග කිලෝමීටර 1260 ප්රදේශයක් පුරා ව්යාප්ත වුවද, එම සම්පුර්ණ ප්රදේශයෙන් පහෙන් එකක් පමණක් සංචාරකයන්ට විවෘත කර තිබෙනවා. ඉතිරි වන ප්රදේශය අධි ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා. යාල ජාතික වන උද්යානයේ නැගෙනහිර මායිම කුමන ජාතික වන උද්යානය හා සම්බන්ධව පවතිනවා. වනෝද්යානය පුරා විසිරුණු ගල් පර්වත වලින් සමන්විත ශ්රී ලංකාවේ වියළි කලාපයේ භූමි විෂමතාව, කටු පඳුරු වලින් පිරී ගිය වන ලැහැබ් සහ උසින් අඩු ශාක ගහනය වගේම දකුණුදිග වෙරළ තීරය සමගින් කිවුල් ජලයෙන් පිරුණු කලපු සහ වලවල්ද යාල ජාතික වනෝද්යානයේ සුවිශේෂී චමත්කාරය වැඩි කරනවා.


ලංකාවේ
වනජීවි ව්යාප්තිය සහ විවිධත්වය පිලිබඳ කතා කලොත් අනෙකුත් සියලුම වන උද්යාන වලට සාපේක්ෂව ඉහලම වන ජීවී විවිධත්වයක් යාල උද්යානයට හිමි වෙනවා. විවිධ වර්ණයේ කොකුන් සහ කලපු පක්ශීන් උද්යානයේ කලපු පුරා වසා සිටින ආකාරය දවසේ ඕනෑම අවස්ථාවක සුලබ දර්ශනයක්. වගේම අවුව තපින කිඹුලන් කලපු අවට වැඩි වශයෙන් හමුවනවා. වඳුරන් සහ රිලවුන් වියලු ගස් මතින් ඔබ මොබ ගමන් කිරීමත් සමග බිමට පතිත වන කහ සහ රතු පැහැ වියලි ශාක පත් අතරින් මොනරුන් ඔවුන්ගේ නිල් සහ කොළ පැහැ පිල් විදහමින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් කාගේත් සිත් ගන්න සමත් වෙනවා. පඳුරු සහ ලැහැබ් තුලින් විටින් විට මතුවන වන අලින් සහ එක වරම මං මාවත් හරහා පෙනී සිට නැවත වනයට ඇතුළු වී නොපෙනී යන කොටියන් උද්යානයට අලංකාරයක් ගෙන එනවා. යාල ජාතික වනෝද්යානය තුල ක්ෂීරපායින් විශේෂ 32 ක් වාර්තා වී තිබෙනවා. අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂ ලෙස ශ්රී ලංකා වලසා (Melursus ursinus) , කොටියන් (Panthera pardus kotiya), අලි (Elephax maximus), වල් මී හරකුන් (Bubalus bubalis), වල් ඌරෝ (Sus scrofa), තිත් මුවන් (Axis axis ceylonessis), ගෝනුන් (Cervus unicolor ) සහ රන්වන් හිවලුන් (Canis aureus) හඳුනාගෙන තියෙනවා.


යාල වනෝද්යානය තුල ජීවත්වන ශ්රී ලාංකික දිවියන් (Panthera Pardus Kotiya) ඔවුන්ගේ ඉන්දියානු අසල්වැසියන්ගෙන් විශේෂිත උප විශේෂයක් ලෙස සැලකෙනා අතර. දිවියන්ව දැකිය හැකි හොඳම කාල සීමාව ලෙස වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය හඳුන්වන්න පුළුවන්. යාල ජාතික වනෝද්යානය 1 වන කොටස(block 1) වන උද්යානයේ බස්නාහිරට වන්නට පිහටි කලාපය සංචාරකයන් සඳහා විවුර්තව පවතින කලාපය වන අතර මෙම කලාපය තුල දිවියන්ගේ ඉහල ඝනත්වයක් පෙන්නුම් කරනවා. නිසාම දහවල් කාලයේ උවත් සංචාරකයන් හට මෙම දීප්තිමත් කොටියන් දැක ගැනීමේ හැකියාව ඉහලයි. යාල ජාතික වන උද්යානය තුල වන අලින් සැලකිය යුතු ප්රමාණයක් වාසය කරන අතර එය විවිධ දේශගුණික තත්වයන්ට අනුව වෙනස් වෙනවා. මැයි සිට අගෝස්තු අතර කාලය තුල උද්යානයේ වියලි දේශගුණයක් පවතින අතර වන අලින් නැරඹීම සඳහා උචිතම කාලය එයයි.
                           .............................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

8 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...