Wednesday, December 14, 2022

සීගිරිය

 

මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ දුරින් සීගිරිය පිහිටා ඇත. මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් අවට භූමියෙන් අඩි 650ක් උසින් තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත. පර්වත පාදයේ බටහිර පැත්තේ ඇති බෞද්ධ ලෙන් විහාරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ් සමයට අයත්වන නිසා ක්රි.පූ. 3 වන සියවසේ පටන් පැවති බව සඳහන් වේ. එසේ වුවද සීගිරිය ලෝක ප්රකට කලා නිකේතනයක් වූයේ 1 වන කාශ්යප (ක්රි..477-495) එය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුවයි. ආරක්ෂිත බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බව මහාවංශය සඳහන් කරයි. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්යා පර්යේෂණ වලට අනුව පුරාවිද්යාඥයින් විසින් සීගිරියේ ඵෙතිහාසික අවධි 08ක් හඳුනාගෙන තිබේ

 

එනම්, ආදී ආරාමික අවධිය - ක්රි.පූ.3,2 වන සියවස්හි සිට ක්රි..1 වන සියවස දක්වා, සීගිරිය පර්වතය පාමුල වූ කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතුකොට පිදූ බව දැක්වෙන බ්රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය. අවධිය පූර්ව කාශ්යප යුගය - ක්රි..1 සියවසේ සිට 5 වන සියවස දක්වා. මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. අවධිය - කාශ්යප යුගය - ක්රි.. 477-495 අවධිය - පශ්චාත් කාශ්යප යුගය - ක්රි.. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය පශ්චාත් කාශ්යප යුගය අවධිය - අත්හැරීම් යුගය - ක්රි.. 13-17 සියවස් දක්වා අවධිය නුවර යුගය - 17-19 සියවස් අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා ක්රි.. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්යාන කලාව සහ ජල කලමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකිය.

 

11982 දී ලෝක උරුමයක් ලෙස ප්රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්රිකෝණයට අයත් පුරාවිද්යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.

අඩි 600 උස කන්දක් වටා ගොඩ නගා ඇති සීගිරිය සංකීර්ණය ක්රි.. 5 වැනි සියවසේදීරටේ අගනුවර ලෙස ක්රියාත්මක විය. එය ක්රි.. 5 වැනි සියවසේදීරජ කළ කාශ්යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාළිගය විය. මාළිගය පර්වතය මුදුණේ ඉදිව තිබූ අතර එයට පහළින් ඊජිප්තුවේ හා පර්සියාවෙ ජල උද්යාන සිහි ගන්වන, ඉතාමත් තියුණු ජ්යාමිතික සමමිතික බව අතින් ලොව එවන් අනෙකුත් ජල උද්යාන වල නොදෙවනි ජල උද්යාන විසිරී තිබිණි.

 

ඈත පෙරදිග රටවල පිහිටි පර්වත උද්යාන හා සමාන පර්වත උද්යාන ඒවා ඉදි කළ ශිල්පීන්ගේ කෞශල්යය පිළිබඳව මවිතය දනවයි. පෙරදිග චිත් කලාවේ ප්රතිමූර්තියක් වැනි සීගිරි බිතු සිතුවම්ද ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගීද සීගිරිය ලෝක පූජිත තත්ත්වයට පත් කර ඇත. මෙය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.

පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත් කලාවේ , වාස්තු විද්යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්යප රජු වටා . මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට . සීගිරිය මාතලේ දිස්ත්රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් , පළලින් කි:මී:1ක් , පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්රි:: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි

             ............................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]


6 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...