Saturday, November 26, 2022

රිවස්ටන්..

 


මාතලේ පිහිටි නකල්ස් කඳු වැටියේ තවත් ලස්සන සංචාරක ස්ථානයක් තමා රිවස්ටන් කියන්නේ.. රිවස්ටන් මුදුනට ගියාම බලන්න කියල විශේෂ දෙයක්නම් නෑ.. උඩ තියෙන්නේ රුපවාහිනි කුළුණු දෙකක්.. නමුත් ඒ උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ.පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ... හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්.. 


පිටවල පතනට ඇතුළු වෙන තැනනම් සුළු මුදලක් අය කරනවාඇතුළු වන අයගෙන්.. එතැන් සිට ගමන් මාර්ගයක් කියලනම් විශේෂ හැදීන්වීම් කරලා නෑ.. නමුත් බිම සුදු පාට තීන්තයකින් ලකුණු කරලා තියෙනවා පාර.. 
මෙතැනදී ඔයාලට තවත් විශේෂ තැනක් දැකගන්න පුලුවන්. ඒ තමා කුඩා ලෝකාන්තය.. හෝර්ටන් තැන්න හරහා ගොස් ලෝකාන්තය බලනවා වගේම ආශ්වාදයක් මේකෙනුත් ගන්න පුළුවන්.. ඇත්තටම එක විනෝදජනක අත්දැකීමක් උනා.. ෆොටෝගන්න හොද කැමරාවක් තිබ්බේනම් නෑ.
ගමන් මාර්ගය.. : මාතලේ පැත්තෙන් ලගා වීම තමා ලේසිම මාර්ගය..


මාතලේ සිර රත්තොට නගරය හරහා රිවස්ටන් වෙත ලඟා වෙන්න පුළුවන්. පාර දිගටම රත්තොට සිටම රිවස්ටන් මාර්ගය ලකුණු කරමින් දැන්වීම් පුවරු තියෙන නිසා හොයාගන්න අමාරු වෙන්නේ නෑ.
ගිහින්ම ඒ අත්දැකීම විදගන්න කියල මම ආරාධනා කරනවා.
          .......................................................................................................................................
දසූ...
 
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

7 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...