Friday, October 7, 2022

පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්ද

 


ශ්‍රී ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්රදේශයක් සලකුණු කොට ඇත. එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයයි. එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසයි. බැලූ බැල්මට එකම වනරොදක් සේ පෙනෙන ශ්රී ලංකාවේ හදවත බඳු මධ්යම කඳුකරයත් සමග ඇති සමනළ අඩවියත් නැගෙනහිර කොටස වන මහඑළිය තැන්න වන පියසත් අතරමැදිව පිහිටා ඇති බොගවන්තලාව ස්භාව සෞන්දර්යයෙන් අගතැම්පත් භූමි ප්රදේශයකි. එවැනි පරිසර පද්ධතියක් මුල් කරගෙන පිහිටා ඇති පුංචි නවසීලන්තය හෙවත් "හරිත කන්ද" මෑතකාලීනව කඳුනගින්නන්ගේ සහ රාත්රී කඳවරු බඳින්නන්ගේ අවධානය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකිය.

හරිත කන්ද වෙත ලඟා වීම සඳහා කොළඹ සිට හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල හරහා හැටන් වෙත හෝ දුම්රියෙන් හැටන් වෙත පැමිණ සමනළ රක්ෂිතයත් මහඑළිය තැන්නත් වෙන් කරනු ලබන වනගත මාර්ගය වන හැටන්-බලංගොඩ මාර්ගයෙන් බොගවන්තලාව නගරය වෙත ලඟා විය යුතුය. තේ කර්මාන්තයට ලොවපුරා ප්රසිද්ධියක් උසුලන බොගවන්තලාව නගරය තරමක් ජනාකීර්ණ වුවද නගරය පසු කළ පසු ඇත්තේ එක යායට සරුවට වැඩුනු තේ වතු . සමනළ ගිර පෙනෙන මානයේ ඇති මෙම සුන්දර පෙදෙස වටාම අහස් කුස සිඹින ගිරිමුදුන් රාශියක්ම ඇත. බොගන්වන්තලාව නගරයේ සිට බොගවාන වතුයාය පසුකර හරිත කන්ද වෙත ලඟා වීම සඳහා බෝපත්තලාව නම් ප්රදේශයේ ජාතික පශු සම්පත් ගොවිපල ආසන්නයට ලඟා විය යුතුය. මෙම ගොවිපල වෙත ලඟා වීම සඳහා ඩයගම අගරපතන හරහා ඇති බස් රථ මාර්ගයද භාවිතා කළ හැකිය.



විටෙන් විට වෙනස්වන කාළගුණයත් මීදුම් සහිත පරිසරයත් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගන්නා සාධකයන් වන අතර එම අංගයන් නොඅඩුව ඇති බෝපත්තලාව පතන වෙත පැමිණිය පසු පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්දේ සුන්දර පිහිටීම ඔබට දැක බලාගත හැකිය. කොළ පැහැති වර්ණයෙන් නෙත් පිනවන දසුන් මවන හරිත කන්ද පුරාවට මීදුම් සලු ශරීර මත දැවටෙමින් එහෙ මෙහේ යන අතර කඳු මුදුනට යන ගමනේදී ඇතැම්විට කන්ද හා ශරීරය අතර අංශක 40 ආනතියක් තබාගෙන කඳු තරණය කිරීමට ඔබට සිදුවෙනු ඇත.

භූමිය පුරාවටම උසින් අඩු මාන පඳුරු වැඩී ඇති අතර පොළඟුන්, තෙලිස්සන් වැනි සතුන් සිටිය හැකි බැවින් ප්රවේශම් විය යුතු බවද සිත් හි තබාගත යුතුය.

කෙසේ හෝ මුදුනට ලඟා වූ පසුව මිහිදුමෙන් වැසී නැති දිනයක මහඑළිය තැන්න වන පියස, කිරිගල්පොත්ත, අග්රබෝපත් කඳු මුදුන, දැක බලාගත හැකිය. එසේම අඹේවෙල සුළං පෙති යන්ත්, පිදුරුතලාගල, ග්රේට්වෙස්ටර්න්, ඩෙල් කන්ද, උඩ රදැල්ල අල්බැද්ද කඳු වැටි ආශ්රත ප්රදේශද පැහැදිලි දිනයක දැක බලාගත හැකිය.


කඳු මුදුනේ කූඩාරම් කිහිපයකට පමණක් ඉඩ ප්රස්ථාව තිබුනද ක්ෂණික වෙනස්වන සීතල හා සැඩ සුළං ප්රවාහය පිළිබඳ අවධානය යොමුකර එම කූඩාරම් ගැසීම සිදුකල යුතුය. එසේම මුදුනෙන් පහලට වන්නට කූඩාරම් ගැසීමට යෝග් ස්ථානයක් සොයාගැනීම අපහසු කාර්යයක් නොවේ. තවද තෘණ පදුරු වලින් සමන්විත වීම නිසා ගෝනුන් රාත්රියට පැමිණෙන හෙයින්ද ගෝනුන් පසුපස දිවියන් පැමිණෙන හෙයින්ද පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

හරිත කන්දේ කඳවරු රාත්රිය වෙනස්ම අත්දැකීමක් වන අතර රාත්රියට ඇස හුරු වූ පසු අඳුර පරයා පෙනෙන සතුන්ගේ හඬ මුසු වූ සුන්දරත්වය අපූර්වජනකය.

මේ වන විටත් පරිසර දූෂණය හේතුවෙන් ක්රමක්ක්රමයෙන් සුන්දර ස්ථාන රාශියකට අවසර නොමැතිව ප්රවේශ වීම තහනම් කර ඇත. එයට ප්රධානම හේතුව වන්නේ සංචාරයට යන අයවලුන් ගේ නොමනා ක්රියාකලාපයයි. එම නිසා කිව යුත්තේ හරිත කන්දට යන්න, නමුත් ඔබ රැගෙන යන සියලුම දේවල් නැවත රැගෙන ඒමට මතක තබාගන්නා ලෙසයි.

                  .........................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]





5 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...