සංචාරකයින්ගේ
සිහින හා පාරාදීසයක මහිමය
සැබෑවක් බවට පත් කරන විශ්මයජනක වැලි වෙරළක් ලෙස මිරිස්ස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ
දැකුම්කළු හා ආකර්ෂණීය වෙරළ
තීරයක් ලෙස මිරිස්ස සංචාරක ඇසට ඉතා මනහර ස්ථානයක් වේ.
ශ්‍රී ලංකාවේ දකුණු
කෙළවරට සමීපව මිරිස්ස පිහිටා ඇත. අතීතයේදී මිරිස්ස ප්‍රසිද්ධියට පත්ව
තිබුනේ ධීවර කර්මාන්තයටයි. ඊට අමතරව හස්ත
කර්මාන්තය, රේන්ද කර්මාන්තය මෙන්ම හුණුගල් නිශ්පාදනයද මෙහි තිබිණි. අතීතයේදී සුළු බෝට්ටු ප්‍රමාණයක් සහිතව
වරායක්ද ඉදිවී තිබිණි.
චන්ද්‍රවංකයක හැඩය ගත් මෙම හුදකළා මුහුදු තීරය ජීවිතයේ සුන්දරම නිමේශයක නිස්කලංකයේ හුදකලා වීමටත් ඔබේ නිවාඩුව නැගෙන හිරුගේ අතීශය නැවුම් බවින් හා බැස යන
හිරුගේ සියුම් ශෘංගාරයෙන් පිනවීමටත් සුදුසුම සංචාරක තෝතැන්නකි. දිනෙක ගිනි රතු පැහැයෙන් මුහුද හා පොළොව සිතුවම්
කරන හිරු බැස යාම තවත් දිනෙක සිත්තරෙකුගේ රෝස පැහැ තීන්තයෙන් වර්ණවත් වන්නේ මිරිස්ස නම් සොඳුරු පාරාදීසයේ ම පමණක් වන්නට
ඇත.
පොල්
රුප්පාවෙන් අසිරි ලද මුහුදු තීරය
පෙනෙන සේ සැදුම් ලත්
සංචාරක නිවෙස් බොහෝමයක් අද මිරිස්ස පුරා
අරක් ගෙන ඇත්තේ දෙස්විදෙස් සංචාරකයන් ආකර්ෂණය සඳහාම ය. එලෙසම සංචාරකයින්ට
රිසිසේ ආහාර ගැනීමට හැක. පෙර-අපරදිග ආහාර ක්‍රම හා
බොහෝ ආහාර ක්‍රම ගම්වාසින්
හා මෙම හෝටල් වල සූපවේදීන් ඉතා
දක්ෂ ලෙස පිළියෙල කරති.
මිරිස්ස
මුහුදු තීරයේ එක් විශේෂත්වයක් වන්නේ මුහුදු වෙරළ සියයට 95ක් පමණ වැලි
සහිතව ගල්වලින් නිදහස්ව පැවතීමත්ය. දහවල් කාලයේදී මිරිස්ස මුහුදු වෙරළ සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ඇති ආකාරය දැක ගත හැකිය. ඔවුන්ට
රිසිසේ Surf ක්‍රීඩා කිරීමට, මුහුදේ දිය නෑමට මිරිස්ස මුහුදු තීරය කදිම තෝතැන්නකි.
මීට
අමතරව සංචාරකයින්ගේ පහසුව තකා මිරිස්ස ගම්වාසින් සංචාරක කඩවල් ද (Tourists shop) තනා ඇත. බතික්, මුහුදු ඇදුම් ආයිත්තම්, සරම් ආදී බොහෝ ඇඳුම්ද, අලංකාර චිත්‍ර කැටයම්, පෝස්ට්
කාඩ්, Surfing Boards, Beach Balls ඇතුළු මුහුදු ක්‍රීඩා භාණ්ඩ,
ශ්‍රී ලාංකීය තේ
කොළ හා ආයුර්වේදීය බහෙත්
ආදිය මෙම කඩවලින් මිළදී ගැනීමට අවස්ථාව ඇත.
ලෝකයේ
දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල්තල්මසුන්. ශ්‍රී ලංකාවේදී
දැකගන්න පුළුවන් හොඳම සාගර කලාපයක් තමයි මිරිස්ස. ගොඩබිමේ සිට ඉතා නුදුරින් නිල් තල්මසුන් අවුරුද්ද පුරාවටම දැකගත හැකි එකම ස්ථානය ද මිරිස්සයි. ඒ
සඳහා අවශ්‍ය පහසුකම් මිරිස්සෙ
දැන් ඕනා තරම් තියනවා. නිල් තල්මසුන් නැරඹීමට නම් හොඳම කාලය වන්නේ ජූලි සිට අප්‍රේල් දක්වා කාලය කියලා කියන්නෙ ලෝකයේ දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල්තල්මසුන්. ශ්‍රී ලංකාවේදී දැකගන්න පුළුවන් හොඳම සාගර කලාපයක් තමයි මිරිස්ස. ගොඩබිමේ සිට ඉතා නුදුරින් නිල් තල්මසුන් අවුරුද්ද පුරාවටම දැකගත හැකි එකම ස්ථානය ද මිරිස්සයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මිරිස්සෙ දැන් ඕනා තරම් තියනවා. නිල් තල්මසුන් නැරඹීමට නම් හොඳම කාලය වන්නේ ජූලි සිට අප්‍රේල් දක්වා කාලය කියලා කියන්නෙ.
..........................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]



Good
ReplyDelete💜️👉😍
ReplyDeleteNice ❤️
ReplyDelete