Thursday, September 15, 2022

හන්තාන කන්ද

හන්තාන කන්ද


 

හන්තානට පායන සද ලස්සනයි ද කියන්න…..”

 

හන්තානේ කදු මුදුන සිසාරා…..”

 

මෙරට කදු වැටියක් හා බැදුනු ප්‍රේමයක් ඇති නම් මතකයට එනුයේ හන්තාන කදුවැටියයි…..හන්තානත්, නුවරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ත් මේ කතාවට නම් අමතක කරන්නම නොහැක….හාන්තාන කදුවැටිය යනු ආදරණිය ප්‍රේමයේ එක් සටහනකි….එහා බැදුනු ආදර කතා හා ගී පදවැල් රැසකී…..

 

හන්තාන කන්ද

මහවැලි ගගේ ජල පෝෂක ප්‍රදේශයක් වගේම ආදරවන්තයන්ගේ සුන්දර මතක රහස් රාශියක් පිරෙන සුන්දර කදුවැටියක් ඒ තමයි නුවර දිස්ත්‍රිකයට අයත් හන්තාන කදු පන්තිය.  කදුවැටිය මුහුදු මට්ටමේ සිට මීටර 1240 පිහිටා තිබෙන අතර මේ කදු පන්තියේ කදු 7ක් පිහිටා ඇත. එහි උසම ස්ථානය වන්නේ ඌරාගල නොහොත් ඌරා කෙටූ ගලයි…එහි අඩි 3800ක් පමණ උසකින් යුක්ත වේ. හන්තාන කන්ද පිහිටා තියෙන්නේ කොහෙද සහ ප්‍රවේශ මාර්ග

 

හන්තාන කදුවැටිය මහනුවර සිට ගලහ වෙනතෙක්  විහිදි පවතිනවා…හන්තාන කදුවැටිය තරණය කරන කෙනෙක් නම් පේරාදෙණිය කැම්පස් එක ඇතුලෙන් පැමිණ හන්තාන කදුවැටියට ඇතුල් වීමට හැකිවනු ඇත……ඒ වගේම නුවර රෝහල ලගින් ද ප්‍රවේශය ඇත…

 

හන්තාන හා බැදුනු අතීතය සහ සාහිත්‍යය

 

බොහොමයක් ආදර කතාවලට හා කවි ගී වලට පදබැදුනු  මේ හන්තාන කදුවැටියේ ඉතිහාසය කුවේණියගේ අවධිය දක්වා දිවයනවා….එමෙන්ම කන්ද උඩරට රජවරුන්ගේ උඩරට රාජධානිය ආරක්ෂා කරන මහා යෝධයෙකු ලෙසත් නැගි සිටිනවා…..එමෙන්ම බොහො සංඝාවහන්සේලා හන්තාන අවට භාවනා සුවයෙන් වැඩ සිටද ඇත..

 

හාන්තානේ පාරිසරික ලක්ෂණ

 

හන්තාන කදු මුදුනට පැමිණි පසු විශේෂ ස්ථාන රාශියක් දැකගැනීමට හැකියාව තියෙනවා ..

 

නුවර නගරය,අම්බුලුවාව, මොණරගල,කබරගල, අලගල්ල බතලේගල වගේම කඩුගන්නාව දැකගැනීමට හැකියාව තියෙනවා..හන්තාන සිට කටුසුකොන්ද දක්වා යන ගමන තරමක් දුෂ්කර වන වනු ඇත, බෑවුම් ලදු කැලැ අතරින් අැත.. කූඩලු ප්‍රහාර වගේම අපිට කූඹින්ගෙන්ද ප්‍රහාර එල්ල උනා..ඒ වගේම අලංකාර පයිනස් ගස් යායකින් වගේම ඉලුක් පදුරු රාශියක් පිහිටා ඇත.ඒ වගේම මෙහි සත්ව විශේෂ රාශියක් ඇත.දිවියන් කුලු මීමන් හදුන් දිවියන් ඇති බවද සදහන් වෙනවා.

 

හන්තානේ වර්තමාන තත්ත්වය

 

හන්තාන කඳුවැටිය මහනුවර ප්‍රදේශයේ කාලගුණ තතත්වයට යම් ආකාරයකින් බලපෑම් කරනවා….එමෙන්ම පරිසර  සුන්දරත්වයට දැඩි සේ බලපාන කඩු වැටියක් වෙනවා…මෑත කාලීන අනවසර ඉඩම් අත්පත් කර ගැනීම,අනවසර ඉදිකිරීම්,සත්ව දඩයම,අනවසර පදිංචිවීම් ,වනන්තරයට ගිනි තැබීම් ආදී වශයෙන් හන්තාන කඳුවැටිය ආශ්‍රිත පරිසරය විනාශ කරමින් පවතිනවා….

             ...............................................................................................................

දසූ.... 

[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]

 


6 comments:

මිහින්තලේ

  තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට...