දෙස්
විදෙස් සංචාරකයන්ගේ මෙන්ම ලෝ වාසී බෞද්ධ
ජනයාගේ ගෞරව දිනා ගත් නගරයක් ලෙස මහනුවර නගරය හැදින්විය හැක. මහනුවර නගරයේ සංචාරයේ යෙදෙන බොහොමයක් පිරිස ශ්රී දළදා
මාලිගය, නුවර වැව රවුම සහ පේරාදෙණිය උද්භිද
උද්යානයට පමණක් සංචාරයේ යෙදෙන අතර නුවර නගරයේ පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන ඔවුනට මග හැරේ.
එලෙස
ඔවුනට මග හැරෙන එක්
ස්ථානයක් ලෙස බහිරව කන්ද විහාරය හැදින්විය හැක. බහිරව කන්ද විහාරය මහනුවර නගරයේ සිට 2km දුරින් මෙන්ම, අඩි 650ක් උසින් පිහිටා
ඇත. මහනුවර නගරයට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට නගරයට ඉහලින් පිහිටා ඇති බහිරව කන්ද පන්සලේ බුදු පිළිමය දැක ගැනීමේ හැකියාව හිමි වේ. 1973 වසරේදී අම්පිටියෙ ධර්මාරාම හිමියන් විසින් මෙම පන්සලේ හා විශාල බුදු
පිළිමයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙහි
වැඩ නිම වී මහජනයාට විවෘත
ස්ථානයක් බවට පත් වූයේ 1993 ජනවාරි මාසයේදීය.
බහිරවකන්ද
ශ්රී මහා බෝධි
විහාරය මහනුවර නගරයට නුදුරින් පිහිටි සුන්දර කඳුකර ප්රදේශයකි. උන්වහන්සේ
විසින් සංවිධානය කරන ලද ජනතා නොමසුරු
දායකත්වයෙන් ඉදිකරන ලද යෝධ බුද්ධ
ප්රතිමාව බොහෝ සංචාරකයින්ගේ සිත් ඇදගනී. අම්පිටියේ දම්මාරාම හිමියන්ගේ ආරාමය ආරම්භ කෙරුණේ 1972 දී ය.
ප්රතිමාව විවෘත කිරීමෙන් පසු වැඩි වැඩියෙන් මිනිසුන් පන්සලට යාමට පටන් ගත්හ. එහි ප්රතිඵලයක් ලෙස
මෙම විශ්මය ජනක සුදු බුදු පිළිමය මහනුවර නගරය පුරාම දැක ගත හැකිය.
මෙම
කන්ද හා බැදුනු බැඳුණු
විශ්වාස හා ජනශ්රැති
බොහොමයක් පවතින අතර එම විශ්වාස හා
ජනශ්රැති නිසාම මෙම කන්දට බහිරව කන්ද යන නාමය ලැබී
ඇත.
සෙංකඩගල
නැතිනම් මහනුවර කියන්නේ දළදා මාලිගාව හා පුරා විද්යාත්මක ස්ථාන දෙස් විදෙස් කාගේත් අවධානයට ලක් වූ නගරයක්. ඒ
සඳහා හේතු වුණු එක් ස්ථානයක් විදියට බහිරව කන්ද හඳුන්වන්න පුළුවන්. පිහිටීම ගැන කතා කරනවානම් දළදා මාලිගාවේ සිට කිලෝ මීටර් 2 ක් පමණ නුවර
නගරයේ ඉහළට ගමන් කරද්දී මුණ ගැහෙනවා.
බහිරව
කන්ද හා සම්බන්ධ සෑම
කතා වස්තුවක්ම මහනුවර රාජධානිය දක්වා දිව යන බව දැක්වෙනවා.
මහනුවර රාජ පරම්පරාවේ ආරම්භය සිදු වන්නේ පළමුවන විමලධර්මසුරිය රජතුමාගෙන්ය. මෙම රජතුමාගෙන් පසුවද රජවරු කිහිප දෙනෙක්ම මහනුවර රාජධානියේ රජකම් කළා. ඒ අනුව මේ
රජවරුන්ගේ කාලයේදී බිලි පූජාව සංකල්පය ආරම්භ කිරීමට ඇතැයි සඳහන් වනවා. මේ ආකාරයට බිලි
පුජාව තිබීමේ අරමුණු ලෙස සඳහන් වන්නේ විවධ වකවානු වලදී ඇති වූ දුර්භික්ෂ කෙරෙහි
ඇති භිය, ජල ගැලීම්, සාගත
ආදී දේවල්ගෙන් මිදී රටට ජනතාවට නිරෝගී භාවය ලබා ගැනීමයි. අතීතයේ සිටම තිබු තවත් එක් සම්ප්රදායක් වන්නේ රටේ කුමන හෝ ගැටළුවක් ඇති
වන විට රාජ සභාව කැඳවා ඒ සම්බන්ධයෙන් කතා
බස් කිරීමයි.
ඒ
අනුව දුර්භික්ෂ ආදියෙන් මිදීමට කළ යුත්තේ කුමක්දැයි
රාජ සභාවෙන් විමසීමේදී ප්රධාන පුරෝහිත
තුමා ප්රකාශ කර
ඇත්තේ මේ ආකාරයේ දුර්භික්ෂ ඇති වීමට
හේතුව වන්නේ බහිරව නම් යක්ෂයා කෝප වීම හේතුවෙන් බවයි. එමෙන්ම තව දුරටත් ප්රකාශ කර ඇත්තේ පොළොව
උසුලා සිටින්නේ ඔහු විසින් බවත් මෙවැනි පිඩා වලින් මිදීමට නම් බහිරව යක්ෂයා සන්තෝස කළ යුතු බවත්ය.
ඒ සඳහා කල යුතු වන්නේ
ඔහුට බිල්ලක් ලබා දීම බවත් දැක්වුවා. එසේ ලබා දිය යුතු බිල්ල ගැන විස්තර කර ඇත්තේ, රජ
මාලිගාව පිහිටා තිබෙන ප්රදේශයේ සිටින
සුන්දරම කුළුඳුල් කාන්තාව සොයා ගත යුතු බවයි.
එමෙන්ම මෙසේ සොයා ගන්නා ලද සුන්දරම කාන්තාව
උදෙසා කළ යුතු වත්
පිළිවෙත් කිහිපයක්ද විස්තර කර තිබෙනවා. එනම්
සතියක් දිවා රාත්රී කිරි සඳුන්
යුක්ත පැණින් ස්නානය කරවා දින 7ක් ගත වූ
විට එම කාන්තාව මරා
දැමිය යුතු බවත් සඳහන් කළා.
මෙහිදී
දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ මෙය සිදු කළ යුතු ආකාරය,
පිළිවෙල කුමක්ද යන්නයි. ඒ අනුව සුන්දරම
කාන්තාව බහිරව කන්දට බිලි දිය යුතු ආකාරයද ඔහු විසින් ප්රකාශ කරන්නට
විය. දින 7ක් ගත වීමෙන්
පසුව දළදා මාලිගාවට මුහුණලා තිබෙන කන්දට ඇයව රැගෙන යා යුතු බව
දැක්විය. මෙසේ රැගෙන යා යුත්තේ පෙරහැරක්
මගින් වන අතරම එසේ
ගෙන යාමෙන් අනතුරුව එම ස්ථානයේ පුද
පූජා පැවැත්විය යුතු වේ. ඉන් අනතුරුව එම කාන්තාව එම
කඳු මුදුනේ තනිව දමා අනෙක් පිරිස ආපසු පැමිණිය යුතු වේ.
මේ
අනුව ඉහත සඳහන් කළ ආකාරයට වර්ෂ
ගණනාවක් පුද පුජා පවත්වාගෙන ගොස් තිබෙනවා. එක් වර්ෂයකදී මෙසේ තෝරා ගන්නා ලද කාන්තාව වුයේ
වැලිකල මැණිකේ නම් කාන්තාවක බව සඳහන් වනවා.
මැයව තෝරා ගැනීමට හේතුවද දැක්වෙනවා. එනම් ඇය ලුණුවිල නම්
නිලමේ කෙනෙක් සමග පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ හේතුව නිසාම
එම නිලමේ රජ මාලිගාවෙන් නෙරපීමක්
කර තිබෙන බවද දැක්වෙනවා. ඒ අනුව පෙර
සඳහන් කළ ආකාරයටම වතාවත්
වලට අනුව පෙරහැරින් ගෙන ගොස් කැලයේ දී පුද පූජා
පවත්වා ඇයව තනිකර දමා ගොස් තිබෙනවා. නමුත් ලුණුවිල නිලමේ ආයුධ වලින් සන්නද්ධව කැළයේ සැඟවී සිටියා.
එදින
රාත්රී 12 ට පමණ යක්ෂයා
පැමිණි බවත් ඔහු විසින් වැලිකල මැණිකේ වටා තෙවරක් ගොස් ‘හූ’ හඬවල් 3ක් කියන්නට වූ
බවත් දැක්වෙනවා. මේත් සමගම සැඟවී සිටි ලුණුවිල නිලමේ යක්ෂයාගේ ඇඟට කඩා වැදුණු අතර යක්ෂයා මරා දමන්නට ඔහුට හැකිවුණා. රජ මාලිගාවට මෙම
ආරංචිය දන්වා පැමිණ බැලූ පසු දකින්නට ලැබුණේ යක්ෂයා අනෙකෙකු නොවේ, ප්රධාන පුරෝහිත
තුමා බවයි. මෙම සිදුවීමත් සමගම බිලි පූජා සංකල්පය නතර වූ අතර මේ
ආකාරයට බිලි පූජා පැවැත්වීම රජු විසින් නවත්තන්නට සමත් වුණා.
කරුණු සලකා බැලීමේදී පැහැදිලි වූයේ කාලයක් සිටම පුරෝහිත මෙම ක්රියාව සිදු
කළ බවයි. මේ හේතුවෙන් මෙම
කන්දට බහිරව කන්ද යන නාමය ලැබී
තිබෙන බව එක් මතවාදයක්
වනවා.
තවත්
ජනප්රවාදයක් එකළ කාන්තාව පෙරහැරින් යුතුව රැගෙන ආ මාර්ගය අද
වන විට කොළඹ විදිය යන නමින් හඳුන්වන
බව දැක්වෙනවා. ඒ අනුව මේ
සම්බන්ධව ඉදිරිපත් වන අනෙක් ජනප්රවාදය වන්නේ මෙම කොළඹ විදියේ මරණීය දණ්ඩනය නියම කරන ලද මිනීමරුවන් සොරුන්
ආදීන් කටු බෙරය නම් බෙරයක් තුළට රිංගවා කඳු මුදුනේ සිට පහළට පෙරළන්නට කටයුතු කළ බව සඳහන්
වනවා. ඒ අනුව මෙම
බෙරය කටු සහිත කැළයක නතර වන හෙයින් කටු
කැළය නමින් එම ප්රදේශය
හැඳින්වෙන බව දැක්වෙනවා. නමුත්
බහිරව කන්ද හා බැඳී ජනප්රවාද විවිධාකාරයෙන් වනවා.
මෙම
ස්ථානයේ ඇති තවත් වැදගත් කමක් වන්නේ එකල මහනුවර රාජධානි සමයේ ආක්රමණිකයන් පැමිණි අතර, එකල ඔත්තු බැලීම සඳහා සිංහලයන් මෙම කන්ද යොදා ගනු ලැබූ බවත් දැක්වෙනවා. ඒ අනුව පණිවිඩ
බලා රජ මාලිගාවට දැනුම්
දුන් අතර, පණිවිඩ හුවමාරු මධ්යස්ථානයක් ලෙසද බහිරව කන්ද භාවිතා කර තිබෙනවා.
මේ
ආකාරයෙන් සලකා බැලූ විට පෙනී යන්නේ අපි නොදැනුවත්, බහිරව
කන්දේ ඉතිහාසමය කරුණු රැසක් පවතින බවයි. සොබා සෞන්දර්ය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා බහිරව කන්ද ඉතා අනර්ඝ තෝතැන්නක් වන අතර එහි
සිට බලන විට මහනුවර ශ්රී දළදා
මාලිගය , මහනුවර නගරය මෙන්ම නගරය වටා වූ කඳු පන්ති
ඉතාමත් පැහැදිලිව මෙම ස්ථානයේ සිට දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ.
.........................................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]


✌️❤️
ReplyDeleteNice 😍
ReplyDelete