ඇඹිලිපිටිය හා
හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය
දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය.
ඇඹිලිපිටිය සිට පදලංගල
හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය
හැකිය.
එක් පසකින් මහ රහතන්
වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන්
ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක්
මැද මෙම ස්ථානය පිහිටා ඇත. නූතනයේ දකුණූ පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක
ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් මෙම ස්ථානයට තවත් සංචාරක අංගයන් බොහොමයක් එක්කර
තිබේ.
වර්ථමානයේ මෙම ස්ථානයේ
ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් ඉදිකර ඇත. මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින්
එකට වෙනස් වන ආකාරයට ඉදිකර ඇත. එනම්, උණු දිය උල්පත වටා බැදි
ජල ටැංකිය වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකියයි. මෙහි ජලය තුළ උණුසුම නිසා දිය
බුබුළු මතුවනු දැකිය හැකිය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන්
උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති අතර, සංචාරකයන්ට දිය නෑම
සදහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.
මෙම ස්ථානයෙහි කුරුළු
උයනක්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පලක්
මෙන්ම පළතුරු උයනක්ද ඉදිකර ඇත්තේ මෙම සංචාරක ගම්මාන සංවර්ධන වැඩපිළිවෙල යටතේය. මෙම
කුරුළු උයන තුළ විවිධ ගිරවුන් වර්ග, තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළද විවිධ දුර්ලභ මත්ස්‍ය වර්ග ගනනාවක් ඇත.
පොළොව අභ්‍යන්තරයේ ඇති
උණුසුම් ලාවා (ලෝදිය) තට්ටුවලින් උණුසුම ලබා ගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන
හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණීමෙන් උණුදිය උල්පත් නිර්මාණය
වෙනවා. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතු වෙනවා. ලොව පුරා පිහිටි උණුදිය උල්පත් සැලකනේනේ ඔසු
ගුණය පිරි තැන් ලෙස යි.
එම ජලයට ඖෂධීය ගුණයක්
ලැබෙන්නේ හුණුගල් හරහා පැමිණීමෙන්. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන
දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකට
සුවය ලැබෙන බවටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසක් සුවපත් වන බවටත් විශ්වාස
කෙරෙනවා. ලංකාවේ උණුදිය උල්පත් 10ක් පමණ පිහිටා ඇති අතර ඒ අතර වඩාත් ප්‍රකට ව ඇත්තේ
කින්නියා, මහඔය සහ මදුනාගල යි.
.............................................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]


👌
ReplyDeleteexcellent 😍🤗
ReplyDeleteSupper..👍
ReplyDeleteNice 👍
ReplyDelete❤️❤️
ReplyDelete👍
ReplyDelete❤️
ReplyDeleteEnjoy place
ReplyDelete